top of page


news lanka 365
Stay informed with the latest Sri Lanka news on our dedicated blog. Explore in-depth articles covering politics, culture, business, and more. Your go-to source for accurate and timely updates on Sri Lankan affairs, delivered with a commitment to unbiased reporting and comprehensive analysis.


දෙහිවල නිවසකට බෝම්බ ප්‍රහාරයක්..!
දස හැවිරිදි සහ දා හතර හැවිරිදි දරුවන් දෙදනෙක් මිය යති..! දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ නිවසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එම නිවසේ ජීවත් වූ දරුවන් දෙදනෙකු මිය ගොස්, එම දරුවන්ගේ පියා බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු දහයක සහ දා හතරක දරුවන් දෙදනෙකි.
Susil Priyantha
5 days ago


ජ්‍යෙෂ්ඨත්වය අනුව මීලඟට අග විනිසුරු ධූරය හිමි වෙන්න ඕන විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාට.
එතුමාගේ පියා ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ කීර්තිමත් විද්වතෙකු වූ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා. යසන්ත කෝදාගොඩ මහතා සිංහල බෞද්ධයෙක්. බෝන් අගේන් පූජකයෙක් නෙමෙයි. පැලවත්ත, කැළණි කල්ලිය හෝ කිසිම රටට අහිතකර බලවේගවල සුරතලෙක් නෙමෙයි. මැල්කම්ගේ ගෝලයෙක් නෙමෙයි. රටට ඩොලර් මිලියන ගණනක් අහිමි කරන්න තීන්දු වෙනස් කරපු මනුස්සයෙක් නෙමෙයි. තමන්ගේ දරුවන්ට කෝටි ගණනක් වටිනා අපාමන්ට් අරන් දීලා නෑ. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව රාජකාරි කරපු අවංක නිළධාරියෙක්. සිංහල බෞද්ධයෙක් වීම නිසාම දැඩි ලෙස අසාධා
Susil Priyantha
Sep 4


මාළිමාව මේ වන විට ප්රමුඛ රාජ්‍ය ආයතන 33 ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට
මාළිමාව මේ වන විට ප්රමුඛ රාජ්‍ය ආයතන 33 ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට කැබිනට් තීරණයක් ගෙන තිබෙනවා. රාජ්‍ය ව්යසායක් ගොඩ නගනවා කියමින්, එය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට ඇතුලත් කරමින්, වේදිකාවල රටේ සම්පත් විකුණනවා. රාජ්‍ය අංශය බෙලහීන කරනවා කියමින්, ජනතාව රවටා ඡන්දය ගත් මාළිමාව, ලංකාවේ රාජ්‍ය ආයතනවලට දැන් සිදු කරන දේ. එම ආයතන 33 න් කිහිපයක නම් පහත සටහන් කර ඇත. 01 - ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව. 02 - ලංකා සිමෙන්ති පීඑල්සී. 03 - හිගුරාන සීනි කර්මාන්ත සමාගම. 04 - කන්තලේ සීනි කර්මාන්ත
Susil Priyantha
Sep 3


නීතීඥ සංගමයේ ඉල්ලීම ඉවතට..!
22 වන සංශෝධනය සලකා බැලීමට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරයි..! යෝජිත විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සදහා, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතීත්වයෙන් යුතු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ. අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාට අමතරව, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරු මෙම පංචපුද්ගල විනි
Susil Priyantha
Sep 3


ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෝටර් වාහන මිලදී ගැනීම හෝ භාවිතය වෙනුවෙන් ලබාදෙන ණය පහසුකම් (Credit Facilities) සඳහා වන උපරිම ‘ණය-වටිනාකම් අනුපාතයන්’ (Maximum Loan-to-Value / LTV Ratios) සංශෝධනය කරමින් නව නියෝග මාලාවක් නිකුත් කර තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නව නියෝග 2026 මැයි මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙනු ඇති අතර, ඒ අනුව, මෙයට පෙර ක්‍රියාත්මක වූ 2025 අංක 03 දරන මහ බැංකු නියෝගය මින් අවලංගු වනු ඇති. මෙම න
Susil Priyantha
Aug 22


මහා භාණ්ඩාගාරය බින්ද ‘හැකර්’ කවුදැයි පියවරෙන් පියවර
මහා භාණ්ඩාගාරයෙන් ‘ටර්ම් ලෝන්’ ( ණයක්) සම්බන්ධ ගෙවීමකට අනුමැතිය දිය හැකි එකම පුද්ගලයා ST හෙවත් භාණ්ඩාගාර ලේකම් ය. භාණ්ඩාගාර ලේකම් යනු රට බංකොලොත් භාවයෙන් මුදවා ගත් සමයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ සිරිවර්ධන මහතා ගෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කර, එම අසුනේ වාඩි කරනු ලැබූ හර්ෂණ සුරියප්පෙරුම මහතා ය. මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ ගේ අනුමැතියෙන් ණය ගෙවීමේ අනුමැතිය ලැබිය යුත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා අතිනි. ඊලඟට අදාළ කොට්ඨාශයේ
Susil Priyantha
Aug 21


ආණ්ඩුව පසු නොබසී..!22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතඅගෝස්තු 18 වන දාපාර්ලිමේන්තුවට...!
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාල 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් අගෝස්තු- මාසයේ දහ අට වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. අධිකරණ අමාත්‍යවරයා මේ බව මාධ්‍යයට පවසා තිබේ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාල වන අතර, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සිට ඉන් පහළට විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාම ඉහළ නැංවීමට අදාල අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ද එදිනම පාර්ලි
Susil Priyantha
Aug 15


කංජිපානි නෑ..!අත්අඩංගුවට ගත් වෙනත් සැකකරුවන්තුනක් සමඟඕලුගල ඇතුළු පිරිසඅද සවස දිවයිනට...!
කංජිපානි ඉම්රාන් ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා මැලේසියාව බලා ගොස් සිටි, සහකාර පොලිස් අධිකාරී ලලිත් ඕලුගල මහතා ඇතුළු පිරිස අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර පොලිසිය, මැලේසියානු ආරක්ෂක අංශ සහ සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතකා ඇතුළු කණ්ඩායම, මැලේසියාවේ සැගවී සිටින බවට වාර්තා වී තිබූ කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සදහා රහසිගත මෙහෙයුමක් දියත් කර තිබුණ ද කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් විය. ක
Susil Priyantha
Aug 10


ඇමති හර්ෂණ වහා ඉල්ලා අස්වනු..!"ෆ්‍රී ලෝයර්ස් සංගමය කියයි.
"ඇමතිගේ උනන්දුව බන්ධනාගාර ගැන නොවේ; විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීම පිළිබඳවයි..! මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම පාලනය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන, විෂය භාර අමාත්‍යවරයා වන හර්ෂණ නානායක්කාර සහ අමාත්‍යංශ ලේකම් අයේෂා ජිනසේන වහා ඉල්ලා අස්විය යුතු- බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව උපුටා දක්වමින්, ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසන්නේ, මහර බන්ධනාගාරය තු-ළ ඇති වූ ගැටුමෙන්, සිරකරුවන් “කීප දෙනෙකු” මරණයට පත්ව ඇති බව දැනගන්නට ඇති බවයි. මීට පෙර
Susil Priyantha
Aug 9


ජොන්ස්ටන්ගේ නඩු යළි අහනවා කියලාඇමති වටගල අත්පුඩි ගහනවා...!
ඕකට තමයි අධිකරණයට බලපෑම් කරනවා කියන්නේ..!” දයාසිරි ජයසේකර හිටපු අමාත්‍ය ජොන්ස්නට් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබුණු නඩු හතක් යළි ඇසීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ. මේ බව අද පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කරන ලද්දේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසිනි. අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පවරා තිබුණු මෙම නඩු හත, කොළඹ මහාධිකරණය, 2023 වසරේ ජූනි මාසයේ 19 වන දා ප්‍රතික්ෂේප කර තිබුණේ, අදාල නඩු ගොනු කිරීමේ දී, අල්ලස් කොමිසමේ එක් කොමසාරිස්වරයෙකු ඊට අත්සන්
Susil Priyantha
Aug 8


විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීම
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අද පෙරවරුවේ, මල්වතු පාර්ශ්වයේ මහනායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමි බැහැදැක තිබේ. මෙම හමුවේ දී අධිකරණ ක්ෂේත්රයට අදාලව හදුන්වා දීමට නියමිත ප්‍රතිසංස්කරණ ඇතුළත් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ද උන්වහන්නේ දැනුම්වත් කර තිබෙන බව වාර්තා වේ. මහනාහිමි බැහැ දැකීමෙන් පසුව මාධ්‍යවේදීන් ඇමතූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසා
Susil Priyantha
Aug 7


සාගර කාරියවසම් පොලිස්පතිට කළ තර්ජනය
සාගර කාරියවසම් පොලිස්පතිට කළ තර්ජනය; කොළඹ මධ්‍යම විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කරයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඉලක් කර ගනිමින් සිදුකළ ප්‍රකාශය පිළිබදව, කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය, අද දිනයේ දී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ. ඒ අනුව සාගර කාරියවසම්ගේ ප්‍රකාශය පිළිබදව විමර්ශන ඉදිරියට ගෙන යාමට, මහේස්ත්‍රාත්වරයා කොළඹ මධ්‍යම කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයට අවසර දෙන ලදී.
Susil Priyantha
Aug 7


අකිල විරාජ් කාරියවසම්අත්අඩංගුවට..!
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටි සේවකයන් සිව් දෙනෙකු- තම පුද්ගලික කාර්ය මණ්ඩලයට යොදා ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවන්ට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ. අදාල සේවකයන් සිව් දෙනාගෙන් තිදෙනෙකු හිටපු අමාත්‍යවරයා යොදවා ඇත්තේ ඔහුට අයත් ඉන්ධන පිරවුම්හලක රාජකාරී සදහා ය.
Susil Priyantha
Aug 5


තවත් බන්ධනාගාර කැරැල්ලක්..! මෙවර කොපමණ ජීවිත සංඛ්යාවක්අහිමි වේවිද..?
මෙවර කොපමණ ජීවිත සංඛ්‍යාවක් අහිමි වේවිද..?” නාමල් අසයි. මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණ වශයෙන් පාලනය කර ඇති බව පොලිසිය කියයි. ඊයේ පස්වරුවේ මෙම ගැටුම ඇති වූ විට, ඒ සම්බන්ධයෙන් විශේෂ ට්වීටර් පණිවිඩයක්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් තබා තිබුණි. ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් තබා තිබූ එම පණිවිඩයේ දළ සිංහල පරිවර්තනයක් අපි පහත පළ කරමු. ....... “තවත් බන්ධනාගාර කැරැල්ලක්.. මෙවර කොපමණ ජීවිත සංඛ්‍යාවක් අහිමි වේවිද..? සති කිහිපයක් ඇතුළත සිදු
Susil Priyantha
Aug 2


හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට අදාළවයි. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
Susil Priyantha
Jul 31


පූජිත් ජයසුන්දරට ලැබුණු මරණ දඬුවම සළකා බැලීමේදී
2022 දී පාස්කු නඩුවෙන් පූජිත් නිදහස් වුණා ද? එහෙනම් දැන් මරණ දඬුවම ලැබුණෙ කොහොමද? හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අද ලැබුණු මරණ දඬුවමට අදාල නඩු තීන්දු කීපයක් ගැනයි මේ කෙටි සටහන. පූජිත් ජයසුන්දරට ලැබුණු මරණ දඬුවම සළකා බැලීමේදී අපිට ප්‍රධාන නඩු 3ක් වැදගත් වෙනවා. පළමුවැන්න තමයි 2022 දී, අවසන් වූ මහාධිකරණ නඩු තීන්දුව. දෙවැන්න තමයි, 2023 දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ ඇපීල් තීන්දුව. තුන්වැන්න තමයි අද (2026 ජූලි 31) ලබාදුන් මහාධිකරණ තීන්දුව. මේ
Susil Priyantha
Jul 31


ප්ලාන්ටේෂන් ආයෝජනවල සල්ලි වහාම ගන්න
ප්ලාන්ටේෂන් ආයෝජනවල සල්ලි වහාම ගන්න මහබැංකුව ජනතාවට දැනුම් දෙයි සියල්ලන් නීතිය හමුවට ගේන්න හදිසි මෙහෙයුමක් 'ප්ලාන්ටේෂන්' (Plantation) යන නාමය යොදාගනිමින් දැන්වීම් පළකර මහා පරිමාණයෙන් නීතිවිරෝධී ලෙස මහජනතාවගෙන් මුදල් එකතු කරන සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු අධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින ප්‍රධාන කරුණු: මුදල් ආයෝජනය කර ඇත්නම්: මෙවැනි නීතිවිරෝධී ආයෝජන ක්‍රමවල මුදල් තැන්පත්
Susil Priyantha
Jul 27


එයාර්බස් ගනුදෙනුවට අදාල වැඩිදුර විමර්ශන
කපිල චන්ද්‍රසේනගේ බිරිඳට සහ චමල් රාජපක්ෂගේ බාල පුතු ෂමීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව වරෙන්තුත් රැගෙන විමර්ශන නිළධාරීන් ඊයේ ඕස්ට්‍රේලියාව බලා පිටව යති. ඊට අමතරව නිමල් පෙරේරාගෙන් කට උත්තරයක් ගැනීමටත් - කපිලගේ බිරිදගේ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටත් නියමිතයි..! එයාර්බස් ගනුදෙනුවට අදාල වැඩිදුර විමර්ශන සදහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් ඊයේ දිනයේ දී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. එයාබස් ගනුදෙනුවට අදාල දැනට ජී
Susil Priyantha
Jul 21


මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල මෙහෙයවූ බව කියන පාතාල කල්ලි සාමාජික කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තා කිසියම් පිරිසකගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලබා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා. පහරකෑමෙන් ඔහුගේ කොන්ද ප්‍රදේශයට බරපතල තුවාල සිදු වී ඇවිදීමටද නොහැකි තත්ත්වයකට පත් ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ විරුද්ධ පිරිසක් මෙම පහරදීම කර ඇති බවටද එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඉකුත් පස්වැනිදා ර
Susil Priyantha
Jul 9


මිස්ටර් කොත්තුට එරෙහිවනීතිය දැඩි වෙයි..!
1. ශාඛා 12 ම වෙන් වෙන්ව පරීක්ෂා කරන්න. 2. ඊටීඑෆ් / ඊපීඑෆ් හරියට ගෙවනවාද..? 3. ශාඛා වසා දැමීමේ දී සේවකයන්ට නිසි ලෙස වන්දි ගෙවා තිබේද..? කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා වාර්තාවක් ඉල්ලයි. සේවකයෙක-ුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෑතක දී ආන්දෝලනයකට මුහුන දී සිටින “මිස්ටර් කොත්තු” අවන්හල් ජාලය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කම්කරු දෙපාර්තමේන්ත-ුවට උපදෙස් දී තිබේ. එහිදී, එම අවන්හල් ජාලයේ හිමිකරු මීට පෙරත් සේවකයන් කායික හෝ වාචික හිංසනයට ලක්කර තිබ
Susil Priyantha
Jul 2


ඇන්ටිජන් කට්ටල මිලදී ගැනීමේ මහා පරිමාණ අක්රමිකතාව
ලියාපදිංචි නොකළ සමාගමක් හරහා රැපිඩ් ඇන්ටිජන් කට්ටල ආනයනය කිරීමේදී රජයට අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ. රුපියල් බිලියන 3.1ක් වටිනා ඇන්ටිජන් කට්ටල මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මෙම මහා පරිමාණ අක්රමිකතාව සිදුව ඇති බවට මූලික පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත. නිසි ලියාපදිංචියක් හෝ සුදුසුකම් නොමැති ආයතනයක් මේ සඳහා තෝරා ගැනීම හරහා රජයේ මුදල් අවභාවිත වී ඇති බව විමර
Susil Priyantha
Jun 22


සංචාරක ප්‍රවර්ධන අධිකාරියේරුපියල් ලක්ෂ 78 ක මුදලක් අවභාවිතා කිරීම.
1. සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ රුපියල් ලක්ෂ 78 ක මුදලක් අවභාවිතා කිරීම. 2. බ්රවුන්ස්හිල්ස් අක්කර එක හමාරක් මිලදී ගැනීම. නඩුදෙකටම වරෙන්තු ලබා සිටින බැසිල් රාජපක්ෂ ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර සහාය ගැනීමට යයි. සංචාරක ප්‍රවර්ධන අධිකාරියට අයත් රුපියල් ලක්ෂ 78 ක මුදලක් අවභාවිතා කිරීම සහ හෙළි කළ නොහැකි මූලාශ්‍ර හරහා උපයා ගත් ධනයෙන් මාතර බ්‍රවුන්ස්හිල් හී අක්කර එක හමාරක ඉඩමක් මිල දී ගැනීම යන නඩු සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මෙරටට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යන්
Susil Priyantha
Jun 21


යෝෂිත අත්අඩංගුවට ගත්තේ ඇයි...?
යෝෂිත අත්අඩංගුවට ගත්තේ ඇයි...? අල්ලස් කොමිසම පැහැදිලි කරයි. 1. සුදුසුකම් සපුරා නොමැතිව කැඩෙට් නිළධාරියෙකු ලෙස නාවික හමුදාවට සම්බන්ධ වීම. 2. පැවති ක්‍රමවේදයට පිටින් ගොස් බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සදහා රජයේ මුදල් වැයකර සහභාගී වීම. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද දිනයේ දී යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබී ය. එසේ, ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැහැදිලි කර තිබේ. ඒ අනුව, නියමිත සුදුසුකම් සපුරා නොමැතිව ක
Susil Priyantha
Jun 17


මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කිහිපයකට සම්බන්ධ
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන, ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින හෝමාගම ගගන සහ කෝපි කඩේ අප්පුවාගේ පුතා වන මාලිගාවත්තේ චමිල සම්බන්ධ අපරාධ ජාලයේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් මෙරට සිදුවූ ඝාතන රැසක්, සංවිධානාත්මක අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කිහිපයකට සම්බන්ධ බවට විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇත. පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ අපරාධ ජාලයේ තවත් තොරතුරු රැසක් හෙළිවනු ඇතැ
Susil Priyantha
Jun 12


ශෂී වීරවංශට බරපතල වැඩ ඇතිවවසර දෙකක සිරදඩුවමක්..!
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය 2022 දී ලබා දුන් තීන්දුව කොළඹ මහාධිකරණය අද තීන්දු කරයි. ව්‍යාජ ලේකන් ඉදිරිපත් කරමින් ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිද වන ශෂී වීරවංශට, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් බරපතල වැඩ ඇතිව වසර දෙකක සිර දඩුවම, කොළඹ මහාධිකරණය මගින් අද තහවුරු කර තිබේ. ඒ, 2022 වසරේ දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව, ශෂී වීරවංශ විසින් ගොනුකර තිබුණු අභියාචනය ප්‍රතික්ෂේප කරමිනි. ඒ අනුව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය
Susil Priyantha
Jun 11


විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරියෙකුගෙන් කාර්යාල සහායකයෙකුට පහරදීමක්?
විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරියෙකුගෙන් කාර්යාල සහායකයෙකුට පහරදීමක්? සිද්දිය යට ගහන්නත් වැඩ විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකුට, එම අමාත්‍යාංශයේම උසස් පරිපාලන නිලධාරියෙකු විසින් අමානුෂික ලෙස පහරදුන් බවට බරපතළ සහ සංවේදී චෝදනාවක් එල්ල වී තිබේ. මෙම සිදුවීමත් සමඟ මේ වන විට අමාත්‍යාංශ සේවකයන් අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් සහ බලවත් අප්‍රසාදයක් හටගෙන ඇති බව වාර්තා වේ. සේවක ආරංචි මාර්ග පවසන පරිදි, මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ ප්‍රවාහ
Susil Priyantha
Jun 10


වාහන මිල තවත් ඉහලට ……
ඉදිරි කාලසීමාව තුළ වාහන මිලෙහි යම් ඉහළ යාමක් සිදුවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා අද (26)පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා. පනවා ඇති නව බදු හේතුවෙන් වෙළඳපොළ තුළ වාහන මිල කෘතිම ලෙස ඉහළ යා හැකි බව අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. මෙලෙස ඉහළ ගිය මිල ගණන් යටතේ වාහන මිලදී ගැනීම සඳහා බැංකු ණය ලබාගන්නා පුද්ගලයන්, ඉදිරියේදී අනවශ්‍ය ණය බරකට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බව ඔහු අවධාරණය කළා. මෙම තත
Susil Priyantha
May 27


ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෝටර් වාහන මිලදී ගැනීම හෝ භාවිතය වෙනුවෙන් ලබාදෙන ණය පහසුකම් (Credit Facilities) සඳහා වන උපරිම ‘ණය-වටිනාකම් අනුපාතයන්’ (Maximum Loan-to-Value / LTV Ratios) සංශෝධනය කරමින් නව නියෝග මාලාවක් නිකුත් කර තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නව නියෝග 2026 මැයි මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙනු ඇති අතර, ඒ අනුව, මෙයට පෙර ක්‍රියාත්ම
Susil Priyantha
May 25


අනුර කුමාර ජනාධිපතිතුමනි, මේකද අපි බලාපොරොත්තු වුණු වෙනස?
"අනුර කුමාර ජනාධිපතිතුමනි, මේකද අපි බලාපොරොත්තු වුණු වෙනස? ඩොලරය අහස උසට යද්දී රටේ මිනිස්සුන්ට මැරෙන්නද කියන්නේ?" ලංකාවේ අහිංසක, අසරණ මනුස්සයෙකුට අද නිදහසේ තුන්වේල කන්න තියා හුස්ම ගන්නවත් පුළුවන් වටපිටාවක් ඉතිරි වෙලා තියෙනවද? නෑ! "අපි ආවම වෙනස් කරනවා" කියපු ලස්සන කතා, වේදිකාවල දීපු මහා ලොකු පොරොන්දු අද ඩොලරයේ මිලත් එක්කම හුළඟේ ගිහින් ඉවරයි. ලංකාවේ ඩොලර් එකේ මිල මෙච්චර දරුණු විදිහට, කිසිම පාලනයක් නැතුව ඉහළ යද්දී, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ආණ්ඩුව මේ දෙස බලා
Susil Priyantha
May 21


ටින් (TIN) නොගත්තොත් හිරේ
ටින් (TIN) නොගත්තොත් හිරේ රුපියල් ලක්ෂ 4ක දඩයක් සහ මාස 6ක සිරදඬුවම් පැමිණවිය හැකි නව පනත් සංශෝධන 19දා මැතිසබයට වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුටම ලබාගැනීම අනිවාර්ය කර ඇති බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් (TIN) අංකය ලබා නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් අපරාධමය වරදක් ලෙස නම් කෙරෙන නව සංශෝධන ඇතුළත් දේශීය ආදායම් පනත් කෙටුම්පත ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම නව සංශෝධනවලට අනුව ටින් අංකයක් ලබාගැනීමට අපොහොසත් වීම, නිසි ලෙස බදු ගොනු වාර්තා දේශීය ආදායම
Susil Priyantha
May 18


අමරකීර්ති නඩුවේ මරණ දඬුවම නියම වූ තරිදු රත්න බන්ධනාගාර ගොඩනැගිල්ලකින් වැටී මරුට
නිට්ටඹුව සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම වී සිටි 29 හැවිරිදි තරිදු සුනිල් රත්න නමැති තරුණයා බන්ධනාගාර ගොඩනැගිල්ලකින් පහළට වැටී අද දින අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මියයන විට ඔහු සිය අභියාචනය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක නිරතව සිටි අයෙකු වන අතර, මෙම මරණය සිදුවූ ආකාරය පිළිබඳව බන්ධනාගාර බලධාරීන් සහ පොලිසිය මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. තම මව්පියන්ගේ එකම සෙවණැල්ල වෙමින් ජීවත් වූ තරිදු අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ පියා දැඩි ලෙස රෝගාතුරව අංශභාග ත
Susil Priyantha
May 14


ගිනි අවි සැපයීමේ චෝදනා මත
ගණේමුල්ල සංජීව’ ලෙස හඳුන්වන සංජීව කුමාර සමරරත්න ඝාතන සිද්ධියට ආධාර අනුබල දීම සහ ගිනි අවි සැපයීමේ චෝදනා මත ‘ගම්පහ ඔස්මන්ඩ්’ ලෙස හඳුන්වන පුද්ගලයෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් තොරතුරු අනුව, 2025 පෙබරවාරි 19 දින කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී බන්ධනාගාර නිලධාරීන් මගින් ඉදිරිපත් කර සිටි සංජීව කුමාර සමරරත්න වෙත නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණි. දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරු මත, ඊයේ (
Susil Priyantha
May 14


දුෂිත මාලිමා ආණ්ඩුවට එරෙහිව හඩ අවදි කල වරදට අත් අඩංගුවට
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ජවිපෙ කාඩර්වරුන් පත්කොට රාජ්‍ය පරිපාලනය දේශපාලනිකරණය කිරීමට එරෙහිව ලිඛිත සාක්ෂි සමග වීඩියෝවක් කළ වරදට පොඩි කොල්ලෙක් රිමාන්ඩ් කරනවා අනුර... අද අෂාන් හෙට ඔබ... උත්තරය මර්දනය නම් ඔව් අපි සූදානම්... මේ අධර්මිෂ්ඨ පාලනයට එරෙහිව හඬ නැගීම වරදක් නම් වරදකරුවන් දාන්න ලංකාවෙ හිරගෙවල් මදි වේවි... අෂාන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමි.. ඔබ පටන් ගන්න අපි අවසන් කරන්නම්
Susil Priyantha
May 5


භාණ්ඩාගාර වංචාව හෙළි කළ අධ්යක්ෂ රංග රාජපක්ෂ අභිරහස් ලෙස මිය යයි: යුක්තිය ඉල්ලූ නිලධාරියා නිහඬ කිරීමේ කුමන්ත්‍රණයක්ද?
මහා භාණ්ඩාගාරයේ සිදුවූ ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ මූල්‍ය වංචාව පිළිබඳව මුලින්ම අනාවරණය කරමින්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල වශයෙන් පැමිණිලි කළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ රංග රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අභිරහස් ලෙස මියගොස් තිබේ. මෙම මරණය හදිසි හෘදයාබාධයක්, සියදිවි නසාගැනීමක් හෝ වෙනත් බාහිර බලපෑමක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව සොයා බැලීමට පොලිස් පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇති අතර, රටම කම්පනයට පත් කළ මෙම පුවතත් සමඟ භාණ්ඩාගාර වංචාවේ නැවතත්
Susil Priyantha
Apr 30


මහා භාණ්ඩාගාරය බින්ද ‘හැකර්’ කවුදැයි පියවරෙන් පියවර
මහා භාණ්ඩාගාරය බින්ද ‘හැකර්’ කවුදැයි පියවරෙන් පියවර මෙලෙස පැහැදිලි කළ හැකිය. මහා භාණ්ඩාගාරයෙන් ‘ටර්ම් ලෝන්’ ( ණයක්) සම්බන්ධ ගෙවීමකට අනුමැතිය දිය හැකි එකම පුද්ගලයා ST හෙවත් භාණ්ඩාගාර ලේකම් ය. භාණ්ඩාගාර ලේකම් යනු රට බංකොලොත් භාවයෙන් මුදවා ගත් සමයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ සිරිවර්ධන මහතා ගෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කර, එම අසුනේ වාඩි කරනු ලැබූ හර්ෂණ සුරියප්පෙරුම මහතා ය. මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ ගේ අනුමැතියෙන් ණය ගෙවීමේ අනුමැතිය ලැබිය යුත්තේ
Susil Priyantha
Apr 23


ගල් අඟුරු හිඟය සහ ඒ පිටුපස ඇති වංචා වසා ගැනීමට ආණ්ඩුව ගත් අමනෝඥ තීරණයක්
වික්ටෝරියා ජලාශය හිස් කරයි! පානීය ජලය සහ කෘෂිකර්මාන්තය දැඩි අනතුරක! ගල් අඟුරු හිඟය සහ ඒ පිටුපස ඇති වංචා වසා ගැනීමට ආණ්ඩුව ගත් අමනෝඥ තීරණයක් හේතුවෙන් රටේ ජනතාවට බරපතල බලශක්ති සහ ජල අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අනාවරණය කරයි. මොකක්ද මේ සිද්ධිය? බලශක්ති අර්බුදය විසඳා ගැනීමට රුපියල් මිලියන 7260 ක් ඉතිරි කර ගැනීමේ අරමුණින්, වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙස මුදාහැරීමට ආණ්ඩුව තීරණය කර ඇත. මේ හේතුවෙන් ඝන මීටර මිලියන 405
Susil Priyantha
Apr 16


පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මාරු කලේ මෛත්‍රීපාල සිරිසේනගේ බලපෑමට
ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අත-ුරුදන් කිරීම, කප්පම් ගැනීම සදහා ද්‍රවිඩ තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය වැනි ඉතාම වැදගත් තීරණාත්මක විමර්ශන භාරව සිටි, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තිව රාජකාරී කල, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එම දෙපාර්තමේන්තුවෙන් මාරු කර යැවීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩිව තමන්ට බලපෑම් එල්ල කල බව, එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත ජයසුන්දර මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයාගේ එම බලපෑම මත, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, අපර
Susil Priyantha
Mar 27


පසුගිය පාර්ලිමේන්තු හා පළාත් පාලන මැතිවරණ සමයෙහිදී සිය පක්ෂයේ දේශපාලන ප්රචාරක කටයුුතු වෙනුවෙන් ජනාධිපතිවරයා රජයේ අරමුදල් වැය කර තිබේද...
ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හා පළාත් පාලන ඡන්ද සමයේදී පැවති දේශපාලන රැලි හා ප්‍රචාරණ කටයුතු සඳහා රජයේ වාහන භාවිත කර තිබෙන බවත්, පසුව එම රාජකාරි නොවන කටයුතු වෙනුවෙන් දරා තිබෙන වියදම් පියවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බවත් අනාවරණය වේ. මෙම තොරතුරු අනාවරණය වූයේ මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කළ 2025 අගෝස්තු 11 දිනැති තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර ලෙස PS/RTI/01/2025/267, 268, 262 යන ලිපි අංක යටතේ 2025 සැප්තැම්බර් 24 දිනැතිව ලබාද
Susil Priyantha
Mar 24


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාවනැල්ල තරුණයෙකු අත්අඩංගුවට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාවනැල්ල තරුණයෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නීතිවිරෝධී බව අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන් අතර, වගකිවයුතු පොලිස් නිලධාරියා සමාව අයැද වන්දි ගෙවීමට එකඟ විය. සමාජ මාධ්‍යවල අන්තර්ගතයන් පළකළ බවට චෝදනා කරමින් 2024 ඔක්තෝබර් මාසයේදී 21 හැවිරිදි මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහෙල් අත්අඩංගුවට ගෙන මාස නවයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. අධිකරණය හමුවේ පෙනීසිටි හිටපු දෙහිවල පොලිස් ස්ථානාධිපති එච්.එම්.ඒ.බී. හේරත්, තරුණයා
Susil Priyantha
Mar 23


සලෙයි සැක හේතු 3 ක් සී.අයි.ඩීයට අධිකරණයට කියයි.
වවුනතිව් පොලිස් නිළධාරීන් දෙදනාගේ ඝා.ත.න.ය සහ සයින්දමරුදු පි.පි.රී.ම සම්බන්ධ විමර්ශන නොමඟ යැවීම. අ.න්ත.වා.දී කණ්ඩායමට කටුවාපිටිය පල්ලිය තෝරා ගැනීමට මඟ පෙන්වීම. සාරා ජැස්මිය මියගිය බව තහවුරු කිරීමට විමර්ශකයන්ට බලපෑම් කිරීම. චැනල් ෆෝ වාර්තා වැඩ සටහන මත පදනම්ව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවේ විමර්ශන කටයුතුවලට අදාලව, හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සුරේශ් සලෙයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මේ වන විට ඔහු දින අනූවක රැදවුම් නියෝග මත අපරාධ පරී
Susil Priyantha
Mar 13


ඉරාන තානාපති කාර්යාලයට භාර දෙන ලෙසඅධිකරණය නියෝග කරයි
ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර තිබෙන නාවිකයන් අසූ හතර දෙනාගේ මෘත දේහ, ඉරාන තානාපති කාර්යාලයට භාර දෙන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය එම රෝහලේ අධ්‍යක්ෂක වරයාට නියෝග කර තිබේ. ජංගම ශීත කාමර දෙකක අදාල මෘත දේහ තැන්පත් කර තිබෙන බව පැවසේ. ප්‍රහාරයකට ලක්ව ඉරාන නාවික යාත්‍රාවක් මුහුදු බත් වූ අතර, ශ්‍රී ලංකා රජය දියත් කර තිබූ ගලවා ගැනීමේ මෙහෙයුම අතර තුර, නාවිකයන් අසූ හතර දෙනෙකුගේ මෘත දේහ ගන්නා ලදී.
Susil Priyantha
Mar 11


අධිවේගී මාර්ග ආදායමට විදීමක් වසර 5ක මහා පරිමාණ වංචාව හෙළිවෙයි
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රජයට ලැබිය යුතු බිලියන සංඛ්‍යාත ආදායමක් විවිධ කූට උපක්‍රම හරහා සාවද්‍ය පරිහරණය කර ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. 2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර හතරකුත් මාස නවයක කාලය තුළ අධිවේගී මාර්ග වෙත වාහන කෝටි 13කට අධික ප්‍රමාණයක් ඇතුළු වී ප්‍රවේශ පත්‍ර ලබාගෙන තිබුණද, ඉන් වාහන එක්කෝටි අසූ දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් පිටවීමේදී ටිකට් පත් නිකුත් කර නොමැති බව විගණනයේදී හෙළි විය. මෙම අමුතු ‘අතුරුදන් වීම’ හේතුවෙන් ර
Susil Priyantha
Feb 27


සැකපිට පුද්ගලයින් 549 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (18) දින වාර්තාවට අනුව අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 26ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහෙයුම් මගින් බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 309ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මේ අතර, සැකපිට පුද්ගලයින් 549 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවන් ගණන 185ක් බව වාර්තාවේ සඳහන් වෙයි.
Susil Priyantha
Feb 19


මිගමුවේ උසාවිය ඉදිරිපිටත් විරෝධතා
නීතිඥ යුවලක් වෙඩි තබා ඝාතනය කිරිමට එරෙහිව මිගමුවේ ඉදිරිපිටත් අද විරෝධතාවයක් සංවිධානය කිරිමට නීතිඥ ප්‍රජාව අද පෙරවරුවේ කටයුතු කර තිබුණි. පසුගියදා අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු හ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මීගමුව නීතිඥවරුන්ගේ සංගමය විසින් අද දිනය මිගමුව අධිකරණය ඉදිරිපිට මෙම නිහඬ විරෝධතාවය සංවිධානය කර තිබුණි. අද දින මීගමුව අධිකරණයේ පැවති කිසිම නඩු කටයුත්තක් සඳහා නීතිඥවරුන් පෙනී නොසිටි අතර නඩු කටයුතු සඳහා පැමිණි පිරිස දැඩි අසීරු තාවකට පත් වූ බව පැවසීය.
Susil Priyantha
Feb 16


පුද්ගල මරණ දෙකක්..! ඉන්දියාවෙන් ගෙන්වන ලද
ඉන්දියාවෙන් ගෙන්වන ලද, ප්‍රමිතියෙන් තොර ඔන්ඩෙන්සෙට්රෝන් නමැති එන්නත, රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් අරඹා තිබේ. අදාල එන්නත, ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 12 වන දා හෝ ඊට ආසන්න දිනයක දී භාවිතය අත්හිටුවන ලදී. කෙසේ වෙතත්, ඒ ආසන්න දිනය දී ම ජාතික බෝනොවන රෝග විද්‍යායතනය හෙවත් අයිඩීඑච් රෝහලට ඇතු-ළත් කරන ලද 23 වියැති තරුණියකට එම එන්නත ලබා දී තිබුණු අතර, පසුව ඇති වූ සංකූලතා මත එදිනම ඇය මිය ග
Susil Priyantha
Feb 14


මහනුවර පුෂ්පදාන අසල හමුදා රථ අනතුර: රියදුරු අසුනේ සිටියේ කවුදැයි බරපතළ සැකයක්!
මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසලදී පසුගිය 10 වන දා සිදුවූ හමුදා රථ අනතුර සම්බන්ධයෙන් මේ වන විට බරපතළ සැකයක් මතුව තිබේ. විද්‍යාලයේ ගේට්ටුවේ රථය ගැටීමෙන් ආරක්ෂක නිලධාරියෙකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ රථය පදවා ඇත්තේ යුද හමුදා රියදුරෙකු නොව කාන්තාවක් බවට ප්‍රබල චෝදනාවක් එල්ල වී ඇත. ඇසින් දුටු සාක්ෂිවලට අනුව අනතුර සිදු වූ වහාම මෝටර් රථයේ සිටි කාන්තාවක් ඉන් බැස පළා ගොස් ඇති නමුත්, පසුව තමන් රථය පැදවූ බව පවසමින් හමුදා සෙබළෙකු පොලිසියට
Susil Priyantha
Feb 14


ලොකු පැටී සමග එකතු වූ කරන්දෙණියේ සුද්දාගේ ලෝයර්, බිරිඳ සමග වෙඩිතබා ඝාතනය කරයි
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව අද පස්වරුවේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ, ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවයි. එමෙන්ම ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු වෙනත් අපරාධ කණ්ඩායමකට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැකපලකරනවා. තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවළක් ඉලක්ක කර අද පස්වරු 5ට ප
Susil Priyantha
Feb 13


සිවුරු ගැලවෙනකම් පහර දුන්නා කස්සප හිමියන්ගෙන් චෝදනා
බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීමට උත්සාහ කිරීමේදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරිය බලංගොඩ කස්සප හිමියන්, ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පොලිසියට සහ බන්ධනාගාර බලධාරීන්ට එරෙහිව දැඩි විවේචන එල්ල කළහ. උන්වහන්සේ ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය: පොලිස් පහරදීම්: ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළ ස්ථානයට කම්බි වැටවල් කපාගෙන ඇතුළු වූ 200ක පමණ පොලිස් පිරිසක්, තමන් වහන්සේ ඇතුළු පිරිසට සිවුරු ගැලවී යන තෙක් අමා
Susil Priyantha
Feb 13


වත්මන් රජය රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කරමින්
වත්මන් රජය රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කරමින්, සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂයේ හිතවතුන් ඒ සඳහා පත් කරමින් සිටින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවසීය. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මෙම අදහස් පළ කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාරයක් සඳහා අරමුදල් අනුමත කිරීමේ සිද්ධියකට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිබඳව මෙහිදී හිටපු ජනාධිපතිනිය විශේෂයෙන් සඳහන් කර ඇත. එහිදී තමා සමන
Susil Priyantha
Feb 11


උඩවලව උද්‍යානභාරකරු මර නින්දේ.. දඩයක්කරුවෝ වනබිමේ දඩ කෙලියේ..
ප බොහෝ කලක පටන් දිගින් දිගටම උඩවලව ජාතික වනෝද්‍යානය තුළ සිදුවන දඩයක්කරුවන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳ කරුණු අනාවරණයන් ඔබ වෙත ඉදිරිපත් කරන ලදී. එහි ආසන්නතම සිදුවීම වශයෙන් ඊයේ දින උදෑසන 09.30ට පමණ උද්‍යානය තුළ සංචාරකයන් සහිත සෆාරි ජීප් රථ 30කට ආසන්න සංඛ්‍යාවක් රැඳී තිබියදී කෝන්කටු ආර වැව් පිටියේදී දඩයක්කරුවන් විසින් මුවෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත. උද්‍යාන භාරකරුගේ නිද්‍රාශීලී ක්‍රියාපිළිවෙත් හමුවේ හොර රහසේ දඩයමේ යෙදුණු දඩයක්කරුවන්, දැන් දැන් එළිපිටම දඩයම් කිරීම ආරම්භ කර ඇති තත්වයක
Susil Priyantha
Feb 10

bottom of page
