ප්ලාන්ටේෂන් ආයෝජනවල සල්ලි වහාම ගන්න

ප්ලාන්ටේෂන් ආයෝජනවල සල්ලි වහාම ගන්න
මහබැංකුව ජනතාවට දැනුම් දෙයි
සියල්ලන් නීතිය හමුවට ගේන්න
හදිසි මෙහෙයුමක්
'ප්ලාන්ටේෂන්' (Plantation) යන නාමය යොදාගනිමින් දැන්වීම් පළකර මහා පරිමාණයෙන් නීතිවිරෝධී ලෙස මහජනතාවගෙන් මුදල් එකතු කරන සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මහබැංකු අධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින ප්‍රධාන කරුණු:
මුදල් ආයෝජනය කර ඇත්නම්: මෙවැනි නීතිවිරෝධී ආයෝජන ක්‍රමවල මුදල් තැන්පත් කර ඇත්නම්, වහාම එම මුදල් නැවත ලබාගැනීමට කටයුතු කරන්න.
මුදල් ආපසු නොදෙන්නේ නම්: තැන්පත් කළ මුදල් ඉල්ලා සිටීමේදී ඒවා ලබානොදීමට කටයුතු කරන සමාගම් වේ නම්, ඒ පිළිබඳව වහාම ශ්‍රී ලංකා මහබැංකුව දැනුවත් කිරීමට පියවර ගන්න.
විමර්ශන ආරම්භ කර ඇත: මේ වනවිටත් පැමිණිලි ලැබී ඇති එවැනි සමාගම් කිහිපයක් සම්බන්ධයෙන්ම විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බව මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අධික ලාභ පෙන්වා සිදුකරන මෙවැනි නීතිවිරෝධී ආයෝජනවලට හසු වී ඔබේ අතේ ඇති මුදල් නැතිකර ගන්න එපා! මේ ගැන ඔබේ යහළුවන්වත් දැනුවත් කරන්න




Comments