top of page
Search

ගිනි අවි සැපයීමේ චෝදනා මත

Susil Priyantha
May 14
1 min read


ගණේමුල්ල සංජීව’ ලෙස හඳුන්වන සංජීව කුමාර සමරරත්න ඝාතන සිද්ධියට ආධාර අනුබල දීම සහ ගිනි අවි සැපයීමේ චෝදනා මත ‘ගම්පහ ඔස්මන්ඩ්’ ලෙස හඳුන්වන පුද්ගලයෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් තොරතුරු අනුව, 2025 පෙබරවාරි 19 දින කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී බන්ධනාගාර නිලධාරීන් මගින් ඉදිරිපත් කර සිටි සංජීව කුමාර සමරරත්න වෙත නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.


දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරු මත, ඊයේ (13) රාත්‍රියේ ගම්පහ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.


විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ගිනි අවි සැපයීම මගින් සැකකරු ආධාර ලබාදී ඇති බවත්ය.


අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සන්තකයේ තිබී විදේශීය නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10ක් සහ පතරොම් ගැබ් 2ක් පොලිස් භාරයට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් පුද්ගලයා 69 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 
 
 

Comments


bottom of page