භාණ්ඩාගාර වංචාව හෙළි කළ අධ්‍යක්ෂ රංග රාජපක්ෂ අභිරහස් ලෙස මිය යයි: යුක්තිය ඉල්ලූ නිලධාරියා නිහඬ කිරීමේ කුමන්ත්‍රණයක්ද?

මහා භාණ්ඩාගාරයේ සිදුවූ ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ මූල්‍ය වංචාව පිළිබඳව මුලින්ම අනාවරණය කරමින්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල වශයෙන් පැමිණිලි කළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අභිරහස් ලෙස මියගොස් තිබේ.
මෙම මරණය හදිසි හෘදයාබාධයක්, සියදිවි නසාගැනීමක් හෝ වෙනත් බාහිර බලපෑමක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව සොයා බැලීමට පොලිස් පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇති අතර, රටම කම්පනයට පත් කළ මෙම පුවතත් සමඟ භාණ්ඩාගාර වංචාවේ නැවතත් උණුසුම් වී ඇත
මෙම සිදුවීමේ ඇති වඩාත්ම සැකකටයුතු සහ අභාග්‍යසම්පන්න තත්ත්වය වන්නේ, රජයේ මුදල් මංකොල්ලකෑම පිළිබඳව පළමුවෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගිය නිලධාරියා වූ රංග රාජපක්ෂ මහතාගේ සේවය බලධාරින් විසින් තහනම් කර තිබුනේ ඔහුද මේ වංචාව සදහා වගකිව යුතු අයෙක් වූ බැවිනි.ඒ ඔහු සේවය කල විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මේ වංචාවට වගකිව යුතු ප්‍රධාන පාර්ශවය නිසාය.
රාජ්‍ය මූල්‍ය පද්ධතියේ ඇති "ආරක්ෂක සිදුරු" සහ බැංකු ගිණුම් වෙනස් කිරීමේ සයිබර් කුමන්ත්‍රණය පිළිබඳව වැදගත් සාක්ෂි සහ තොරතුරු රැසක් සතු වූ ප්‍රධානතම නිලධාරියෙකු මෙලෙස සමුගැනීම, ඉදිරි පරීක්ෂණ මඩියට දැමීමට දරන උත්සාහයක් දෝ කියා සාධාරණ සැකයක් මතු වේ. වංචාවට සම්බන්ධ සැබෑ "ඩිජිටල් මීයන්" සහ ඔවුන්ට සහාය දුන් දේශපාලන ගජමිතුරන් ආරක්ෂා කර ගැනීම සඳහා සාක්ෂිකරුවන් නිහඬ කිරීමේ සංස්කෘතියක් මෙරට නැවත හිස ඔසවමින් පවතින්නේ දැයි අප විමසිලිමත් විය යුතුය. රජය මේ ගැන දැඩි අවධානය යොමු කල යුතු බව අපගේ හැඟීමයි.
මෙම අභිරහස් මරණය පිළිබඳව සිදුකරන පරීක්ෂණ හුදු පශ්චාත් මරණ පරීක්ෂණයකට පමණක් සීමා නොකර, එය වහාම ගැඹුරු විමර්ශනයක් දක්වා ගෙන යාම රජයේ සහ ආරක්ෂක අංශවල වගකීමකි. රංග රාජපක්ෂ මහතා CID වෙත ලබාදුන් සාක්ෂි සහ ඔහු සතුව තිබූ රහසිගත ලිපිගොනු සුරක්ෂිතව තබා ගැනීම මෙම මහා පරිමාණ මංකොල්ලයේ සුලමුල හෙළි කරගැනීමට අතිශය තීරණාත්මක වනු ඇත. යුක්තිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියෙකුගේ මරණයත් සමඟ සත්‍යය වැළලී යාමට ඉඩ නොදිය යුතු බව අපි දැඩිව අවධාරණය කරමු.
උපුටා ගැනිමකි




Comments