එයාර්බස් ගනුදෙනුවට අදාල වැඩිදුර විමර්ශන

කපිල චන්ද්‍රසේනගේ බිරිඳට සහ
චමල් රාජපක්ෂගේ බාල පුතු ෂමීන්ද්‍ර රාජපක්ෂට
එරෙහිව වරෙන්තුත් රැගෙන
විමර්ශන නිළධාරීන්
ඊයේ ඕස්ට්රේලියාව බලා පිටව යති.
ඊට අමතරව නිමල් පෙරේරාගෙන්
කට උත්තරයක් ගැනීමටත් - කපිලගේ බිරිදගේ
ඕස්ට්රේලියානු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටත් නියමිතයි..!
එයාර්බස් ගනුදෙනුවට අදාල වැඩිදුර විමර්ශන සදහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් ඊයේ දිනයේ දී ඕස්ට්රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.
එයාබස් ගනුදෙනුවට අදාල දැනට ජීවත් අතර සිටින ප්‍රධාන සැකකරුවන් දෙදනෙකු වන කපිල චන්ද්‍රසේනගේ බිරිද වන ප්‍රියන්කා නියොමාලි විජේනායක හා තෙවැනි සැකකරුවන ශමීන්ද්‍ර රාජපක්ෂ යන අයවළුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය හරහා ඉදිරි පියවර ගැනීම විමර්ශන නිළධාරීන්ගේ ඕස්ට්රේලියානු සංචාරයේ අරමුණයි.
ඊට අමතරව, එයාබස් ගනුදෙනුවේ දී ලබා ගත් බව පැවසෙන අල්ලස් මුදලෙන් යම් මුදල් ප්‍රමාණයක් හුවමාරු වූ බව පැවසෙන, මේ වන විට ඕස්ට්රේලියාවේ පදිංචි ව සිටින, නිමල් පෙරේරා නමැති අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටද විමර්ශන නිලධාරීන් බලාපොරොත්තු වේ.
එමෙන්ම, ප්‍රියන්කා නියෝමාලී විජේනායක යන අයගේ ඕස්ට්රේලියානු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අදාල අධිකරණ නියෝගයක් ද විමර්ශන නිළධාරීන් විසින් ලබාගෙන ඇති බව වාර්තා වේ.




Comments