විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීම

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අද පෙරවරුවේ, මල්වතු පාර්ශ්වයේ මහනායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමි බැහැදැක තිබේ.
මෙම හමුවේ දී අධිකරණ ක්ෂේත්‍රයට අදාලව හදුන්වා දීමට නියමිත ප්‍රතිසංස්කරණ ඇතුළත් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ද උන්වහන්නේ දැනුම්වත් කර තිබෙන බව වාර්තා වේ.
මහනාහිමි බැහැ දැකීමෙන් පසුව මාධ්‍යවේදීන් ඇමතූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසා සිටියේ, උක්ත කාරණය සම්බන්ධයෙන්, ඇතැම් පාර්ශ්ව මහනාහිමි නොමඟ යවන සුළු කරුණු ඉදිරිපත් කර තිබුණු බවයි.
කෙසේ වෙතත්, තමන් සත්‍ය තත්ත්වය මහනාහිමිට පැහැදිලි කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඇතැම් නඩු ඉතා දීර්ඝ කාලයක් ඇදී යාම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්වන බව පවසා ඇති මහනාහිමියෝ, එම තත්ත්වය වළක්වා ගැනීම සදහා අවශ්‍ය පියවර ගත යුතු බව අවධාරණය කර තිබේ.
ඊට අමතරව අධිකරණ ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී දිසාපතිවරු සහ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළුව අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම පිළිබඳවද අවධානය යොමු කරන ලෙස, මහනායක හිමියෝ අමාත්‍යවරුන්ට පවසා ඇතැයි වාර්තා වේ.




Comments