අමරකීර්ති නඩුවේ මරණ දඬුවම නියම වූ තරිදු රත්න බන්ධනාගාර ගොඩනැගිල්ලකින් වැටී මරුට
Susil Priyantha
May 14
1 min read

නිට්ටඹුව සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම වී සිටි 29 හැවිරිදි තරිදු සුනිල් රත්න නමැති තරුණයා බන්ධනාගාර ගොඩනැගිල්ලකින් පහළට වැටී අද දින අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මියයන විට ඔහු සිය අභියාචනය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක නිරතව සිටි අයෙකු වන අතර, මෙම මරණය සිදුවූ ආකාරය පිළිබඳව බන්ධනාගාර බලධාරීන් සහ පොලිසිය මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
තම මව්පියන්ගේ එකම සෙවණැල්ල වෙමින් ජීවත් වූ තරිදු අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ පියා දැඩි ලෙස රෝගාතුරව අංශභාග තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. නිට්ටඹුව සිද්ධියට අදාළව මරණ දඬුවම නියම වූ පුද්ගලයන් 12 දෙනාම එම තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති පසුබිමක, මෙම මරණයත් සමඟ අදාළ පවුල්වල සාමාජිකයන් දැඩි මානසික පීඩනයකට සහ කම්පනයකට පත්ව සිටිති.




Comments