top of page
Search

කංජිපානි නෑ..!අත්අඩංගුවට ගත් වෙනත් සැකකරුවන්තුනක් සමඟඕලුගල ඇතුළු පිරිසඅද සවස දිවයිනට...!

Susil Priyantha
Aug 10
1 min read



කංජිපානි ඉම්රාන් ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා මැලේසියාව බලා ගොස් සිටි, සහකාර පොලිස් අධිකාරී ලලිත් ඕලුගල මහතා ඇතුළු පිරිස අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.


ජාත්‍යන්තර පොලිසිය, මැලේසියානු ආරක්ෂක අංශ සහ සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතකා ඇතුළු කණ්ඩායම, මැලේසියාවේ සැගවී සිටින බවට වාර්තා වී තිබූ කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සදහා රහසිගත මෙහෙයුමක් දියත් කර තිබුණ ද කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් විය.


කෙසේ වෙතත්, මෙහෙයුම අතරතුර, කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙක් සහ තවත් පුද්ගලයන් දෙදනෙක් ඇතුළුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර, අද පස්වරුවේ එම සැකකරුවන් තිදෙනා දිවයිනට රැගෙන ඒමට නියමිත ය.

 
 
 

Comments


bottom of page