top of page
Search

නීතීඥ සංගමයේ ඉල්ලීම ඉවතට..!

Susil Priyantha
Sep 3
1 min read



22 වන සංශෝධනය සලකා බැලීමට

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරයි..!


යෝජිත විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සදහා, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතීත්වයෙන් යුතු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.


අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාට අමතරව, අචල වෙංගප්පුලි,  අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරු මෙම පංචපුද්ගල විනිසුරු මඩුල්ලට ඇතුළත් වේ.


22 ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ විනිසුරු මඩුල්ලම වාඩි විය යුතු බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලයි.


විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සදහා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දහතුන් දෙනාම අසුන්ගත යුතු- බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා තිබුණි.


 
 
 

Comments


bottom of page