top of page
Search

තවත් බන්ධනාගාර කැරැල්ලක්..! මෙවර කොපමණ ජීවිත සංඛ්‍යාවක්අහිමි වේවිද..?

Susil Priyantha
Aug 2
1 min read

මෙවර කොපමණ ජීවිත සංඛ්‍යාවක්

අහිමි වේවිද..?”

නාමල් අසයි.


මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණ වශයෙන් පාලනය කර ඇති බව පොලිසිය කියයි.


ඊයේ පස්වරුවේ මෙම ගැටුම ඇති වූ විට, ඒ සම්බන්ධයෙන් විශේෂ ට්වීටර් පණිවිඩයක්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් තබා තිබුණි.


ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් තබා තිබූ එම පණිවිඩයේ දළ සිංහල පරිවර්තනයක් අපි පහත පළ කරමු.


.......


“තවත් බන්ධනාගාර කැරැල්ලක්.. මෙවර කොපමණ ජීවිත සංඛ්‍යාවක් අහිමි වේවිද..?


සති කිහිපයක් ඇතුළත සිදු වූ දෙවන ප්‍රධාන බන්ධනාගාර කැරැල්ල මෙයයි. මෙය කිසිසේත්ම හුදකලා සිදුවීමක් නොවේ;  දුර්වල කළමනාකරණය, නොසැලකිල්ල සහ දැඩි පීඩනයකට ලක්ව ඇති බන්ධනාගාර පද්ධතියක ප්‍රතිඵලයකි.


අප ඉදිරියේ මෙවැනි අර්බුදයක් දිග හැරෙමින් තිබියදීත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තවමත් ස්ථිර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර නොතිබීම කනගාටුදායකය. මෙම තීරණාත්මක තනතුර තවමත් නිසි ලෙස පුරවා නොමැත්තේ මන්ද..?


වැඩිපුර ආරක්ෂක බලකා යෙදවීමෙන් තත්ත්වය දිනකට පාලනය කළ හැකි වුවද, එයින් මූලික ගැටලුව විසඳෙන්නේ නැත.


අධික තදබදය, ප්‍රමාණවත් නොවන පහසුකම්, දුර්වල සෞඛ්‍ය සේවා සහ අර්ථවත් පුනරුත්ථාපන ක්‍රියාවලියක් නොමැති වීම වැනි ගැටලු සඳහා කඩිනම් අවධානය යොමු විය යුතුය.


බන්ධනාගාර දඬුවමක් මගින් පුද්ගලයෙකුගේ නිදහස අහිමි කෙරෙනවා මිස, ඔවුන්ගේ ගෞරවය අහිමි නොකෙරේ.


ආයතනික වශයෙන් අසාර්ථක වීමේ පැහැදිලි ලක්ෂණ පෙන්නුම් කරන බන්ධනාගාර පද්ධතිය නිවැරදි කිරීමට රජය කටයුතු කළ යුතු අතර හුදෙක් හදිසි ගැටලු විසඳීමට පමණක් සීමා වන ක්‍රියාමාර්ග අත්හැරිය යුතුය.”

 
 
 

Comments


bottom of page