ඇන්ටිජන් කට්ටල මිලදී ගැනීමේ මහා පරිමාණ අක්‍රමිකතාව

ලියාපදිංචි නොකළ සමාගමක් හරහා රැපිඩ් ඇන්ටිජන් කට්ටල ආනයනය කිරීමේදී රජයට අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
රුපියල් බිලියන 3.1ක් වටිනා ඇන්ටිජන් කට්ටල මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මෙම මහා පරිමාණ අක්‍රමිකතාව සිදුව ඇති බවට මූලික පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත. නිසි ලියාපදිංචියක් හෝ සුදුසුකම් නොමැති ආයතනයක් මේ සඳහා තෝරා ගැනීම හරහා රජයේ මුදල් අවභාවිත වී ඇති බව විමර්ශකයෝ සැක කරති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොමිසම මෙම තීරණයට එළඹ ඇත. ඒ අනුව අදාළ විමර්ශන කටයුතු කඩිනමින් ආරම්භ කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැමිණිලිකරු වෙත ලිඛිතව දැනුම් දී තිබේ. කොවිඩ් වසංගත සමයේ සිදුකළ මෙම මිලදී ගැනීම් පිටුපස සිටින වගකිවයුතු නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වනු ඇත.




Comments