යෝෂිත අත්අඩංගුවට ගත්තේ ඇයි...?

යෝෂිත අත්අඩංගුවට ගත්තේ ඇයි...?
අල්ලස් කොමිසම පැහැදිලි කරයි.
1. සුදුසුකම් සපුරා නොමැතිව
කැඩෙට් නිළධාරියෙකු ලෙස නාවික හමුදාවට සම්බන්ධ වීම.
2. පැවති ක්‍රමවේදයට පිටින් ගොස් බ්රිතාන්‍ය
රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සදහා
රජයේ මුදල් වැයකර සහභාගී වීම.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද දිනයේ දී යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබී ය.
එසේ, ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැහැදිලි කර තිබේ.
ඒ අනුව, නියමිත සුදුසුකම් සපුරා නොමැතිව කෙඩෙට් නිළධාරියෙකු ලෙස නාවික හමුදාවට සම්බන්ධ වීම ඔහුට එල්ල වී ඇති එක් චෝදනාවකි.
අනෙක් චෝදනාව වන්නේ, එතෙක් පැවති ක්‍රමවේදයට බැහැරව, බ්රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සදහා සහභාගී වීමට රජයේ මුදල් වැය කර අවස්ථාව සලසා ගැනීම තුළින් දූෂණය නමැති වරදට අනුබල දීම යි.
අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




Comments