top of page
Search

ශෂී වීරවංශට බරපතල වැඩ ඇතිවවසර දෙකක සිරදඩුවමක්..!

Susil Priyantha
Jun 11
1 min read




කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය

2022 දී ලබා දුන් තීන්දුව

කොළඹ මහාධිකරණය අද තීන්දු කරයි.


ව්‍යාජ ලේකන් ඉදිරිපත් කරමින් ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිද වන ශෂී වීරවංශට, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් බරපතල වැඩ ඇතිව වසර දෙකක සිර දඩුවම, කොළඹ මහාධිකරණය මගින් අද තහවුරු කර තිබේ.


ඒ, 2022 වසරේ දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව, ශෂී වීරවංශ විසින් ගොනුකර තිබුණු අභියාචනය ප්‍රතික්ෂේප කරමිනි.


ඒ අනුව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබෙන තීන්දුව ස්තිර කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පවසයි.

 
 
 

Comments


bottom of page