top of page
Search

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කිහිපයකට සම්බන්ධ

Susil Priyantha
Jun 12
1 min read


ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන, ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින හෝමාගම ගගන සහ කෝපි කඩේ අප්පුවාගේ පුතා වන  මාලිගාවත්තේ චමිල සම්බන්ධ අපරාධ ජාලයේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම සැකකරුවන් මෙරට සිදුවූ ඝාතන රැසක්, සංවිධානාත්මක අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කිහිපයකට සම්බන්ධ බවට විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇත.


පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ අපරාධ ජාලයේ තවත් තොරතුරු රැසක් හෙළිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 
 
 

Comments


bottom of page