ඇමති හර්ෂණ වහා ඉල්ලා අස්වනු..!"ෆ්‍රී ලෝයර්ස් සංගමය කියයි.

"ඇමතිගේ උනන්දුව බන්ධනාගාර ගැන නොවේ;
විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීම පිළිබඳවයි..!
මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම පාලනය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන, විෂය භාර අමාත්‍යවරයා වන හර්ෂණ නානායක්කාර සහ අමාත්‍යංශ ලේකම් අයේෂා ජිනසේන වහා ඉල්ලා අස්විය යුතු- බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව උපුටා දක්වමින්, ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසන්නේ, මහර බන්ධනාගාරය තු-ළ ඇති වූ ගැටුමෙන්, සිරකරුවන් “කීප දෙනෙකු” මරණයට පත්ව ඇති බව දැනගන්නට ඇති බවයි.
මීට පෙර, මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලදී.
ඊට අදාල විවාදය අවසන් වී දින දෙකක් ඇතු-ළත, අමාත්‍යවරයා, බන්ධනාගාර ගැටළුව සම්පූර්ණයෙන්ම අමතක කර දමා, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාල කාරණය සමඟ පැටළුණු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය චෝදනා කරයි.
විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාවට තමන් මෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමයද විරුද්ධ බව ෆ්‍රීලෝයර්ස් සංවිධානය වැඩි දුරටත් පවසයි.
බන්ධනාගාර රැදවියන් සහ එම නිළධාරීන් රැක ගැනීමට කටයුතු නොකළ අමාත්‍යවරයෙකු අධිකරණ ක්ෂේත්‍රයට අදාලව ගැඹුරු ප්‍රතිසංස්කරණ කෙසේ කරනු ඇද්ද යන්න ගැන විශ්වාසයක් නැති බවද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සිය මාධ්‍ය නිවේදනයේ සදහන් කර තිබේ.




Comments