top of page
Search

අනුර කුමාර ජනාධිපතිතුමනි, මේකද අපි බලාපොරොත්තු වුණු වෙනස?

Susil Priyantha
May 21
2 min read


"අනුර කුමාර ජනාධිපතිතුමනි, මේකද අපි බලාපොරොත්තු වුණු වෙනස? ඩොලරය අහස උසට යද්දී රටේ මිනිස්සුන්ට මැරෙන්නද කියන්නේ?"


ලංකාවේ අහිංසක, අසරණ මනුස්සයෙකුට අද නිදහසේ තුන්වේල කන්න තියා හුස්ම ගන්නවත් පුළුවන් වටපිටාවක් ඉතිරි වෙලා තියෙනවද? නෑ! "අපි ආවම වෙනස් කරනවා" කියපු ලස්සන කතා, වේදිකාවල දීපු මහා ලොකු පොරොන්දු අද ඩොලරයේ මිලත් එක්කම හුළඟේ ගිහින් ඉවරයි. ලංකාවේ ඩොලර් එකේ මිල මෙච්චර දරුණු විදිහට, කිසිම පාලනයක් නැතුව ඉහළ යද්දී, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ආණ්ඩුව මේ දෙස බලාගෙන ඉන්නේ ඇස් පියාගෙනද කියා සමස්ත රට වැසියාම අද ක්‍රෝධයෙන් සහ වේදනාවෙන් ප්‍රශ්න කරනවා!


ඇයි මේ විදිහට ඩොලරය යකා නටන්නේ? රටේ පාලකයෝ මොනවද කරන්නේ?

මීට මාස කිහිපයකට කලින් ස්ථාවර මට්ටමක තිබුණු ඩොලරය, අද වෙනකොට දරාගන්න බැරි තරම් ඉහළ ගිහින්. ආනයන සීමා එකපාරටම ලිහිල් කිරීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය නමින් ජාත්‍යන්තරය ඉදිරියේ දණගැසීම සහ නිවැරදි මූල්‍ය කළමනාකරණයක් රට තුළ නැතිකම නිසා අද ඩොලරය පාලනයෙන් තොරව ඉහළ යනවා. ජනතාව අසන්නේ එකම එක දෙයයි; රටේ ආර්ථිකය හසුරුවන්න නිවැරදි වැඩපිළිවෙළක් නැත්නම්, ඇයි මේ වගේ තීරණ ගත්තේ? මේවායේ ප්‍රතිඵල විඳවන්න ඕනේ අහිංසක මහජනතාවද?


බඩු මිල තවත් ඉහළට! මිනිස්සුන්ට මොකද වෙන්නේ?

ඩොලර් එක රුපියලකින් හරි ඉහළ යද්දී ඒකේ මාරක පහර වදින්නේ පාලකයන්ට නෙවෙයි, වේල් තුන කන්න නැතුව හඬන අහිංසක ලාංකික මිනිස්සුන්ටයි!


හාල්, සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය කෑම බීම මිල ඉදිරියේදී තවත් රොකට් එකක් වගේ ඉහළ යන එක නවත්තන්න කාටවත් බෑ.


ඉන්ධන, ගෑස් සහ විදුලි බිල දරාගන්න බැරි තරම් වැඩි වෙද්දී සාමාන්‍ය පවුලක් ජීවත් වෙන්නේ කොහොමද?


බෙහෙත් පෙත්තක් ගන්න ෆාමසියට යන මනුස්සයාට අද හිස් අතින් හරී එන්න වෙලා තියෙන්නේ ආනයනික ඖෂධ මිල අහස උසට ගොස් ඇති නිසායි.


මේක ජනතාව පාවාදීමක්!

"පාලකයෝ සැප විඳිද්දී, මහජනතාව හිඟමන් යදින" පැරණි සාපකාරී දේශපාලන ක්‍රමයම නේද අදත් මේ වෙනස්ම මුහුණුවරකින් ක්‍රියාත්මක වෙන්නේ? වෙනසක් බලාපොරොත්තුවෙන් කතිරය ගහපු මිනිස්සු අද පාරට වැටිලා ඉවරයි. තරුණයන්ට රැකියා නෑ, ව්‍යාපාර වැහිලා යනවා, දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට කිරිපිටි ටිකක් අරන් දෙන්න සල්ලි නෑ!


අනුර කුමාර ජනාධිපතිතුමනි, මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පැනලා ඉවරයි! මේ විනාශකාරී ආර්ථික පීඩනයෙන් ජනතාව බේරාගන්න වහාම මැදිහත් වෙන්නේ නැත්නම්, මේ රට තවත් මහා දරුණු අගාධයකට වැටෙන එක වැළැක්විය නොහැකියි!

 
 
 

Comments


bottom of page