top of page
Search

ටින් (TIN) නොගත්තොත් හිරේ

Susil Priyantha
May 18
1 min read

ටින් (TIN) නොගත්තොත් හිරේ

රුපියල් ලක්ෂ 4ක දඩයක් සහ

මාස 6ක සිරදඬුවම් පැමිණවිය හැකි

නව පනත් සංශෝධන 19දා මැතිසබයට


වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුටම ලබාගැනීම අනිවාර්ය කර ඇති බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් (TIN) අංකය ලබා නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් අපරාධමය වරදක් ලෙස නම් කෙරෙන නව සංශෝධන ඇතුළත් දේශීය ආදායම් පනත් කෙටුම්පත ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


මෙම නව සංශෝධනවලට අනුව ටින් අංකයක් ලබාගැනීමට අපොහොසත් වීම, නිසි ලෙස බදු ගොනු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් නොකිරීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති අවස්ථාවක ඊට අපොහොසත් වීම යන කරුණු අපරාධමය වරදවල් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම වරදවල් යටතේ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වන පුද්ගලයන්ට රුපියල් ලක්ෂ හතරක උපරිම දඩයක් හෝ මාස හයක සිරදඬුවමක්, නැතහොත් එම දඬුවම් යුගලයම පැනවීමට නව සංශෝධන මඟින් ප්‍රතිපාදන සලසා ඇත.


රටේ බදු ගෙවන පිරිස තවදුරටත් පුළුල් කර ගැනීම සහ මෙරට සමස්ත බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විස්සක ඉලක්කගත මට්ටමක් කරා ළඟා කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන මෙම දැඩි වැඩපිළිවෙළේ මූලික අරමුණ වී තිබේ.

 
 
 

Comments


bottom of page