සලෙයි සැක හේතු 3 ක් සී.අයි.ඩීයට අධිකරණයට කියයි.
- Susil Priyantha
- Mar 13
- 1 min read

වවුනතිව් පොලිස් නිළධාරීන් දෙදනාගේ ඝා.ත.න.ය සහ
සයින්දමරුදු පි.පි.රී.ම සම්බන්ධ විමර්ශන නොමඟ යැවීම.
අ.න්ත.වා.දී කණ්ඩායමට
කටුවාපිටිය පල්ලිය තෝරා ගැනීමට
මඟ පෙන්වීම.
සාරා ජැස්මිය මියගිය බව තහවුරු කිරීමට
විමර්ශකයන්ට බලපෑම් කිරීම.
චැනල් ෆෝ වාර්තා වැඩ සටහන මත පදනම්ව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවේ විමර්ශන කටයුතුවලට අදාලව, හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සුරේශ් සලෙයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ වන විට ඔහු දින අනූවක රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන සිටියි.
සුරේශ් සලෙයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබේ.
ඒ සදහා කරුණු තුනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙනහැර දක්වයි.
ඉන් පළමු වැන්න, පාස්කු ප්‍රහාරයට පෙර සිද්ධ වූ වවුනතිව් පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝා.ත.න.ය - එය සහරාන් කල්ලිය විසින් කරන ලද එකක් බව සගවමින් - එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලද්දක් බවට විමර්ශකයන් නොමග යැවීමට කටයුතු කිරීමයි.
දෙවැන්න, සහරාන් කල්ලියට කටුවාපිටිය දේවස්ථානය ඇතුළු දේවස්ථාන කිහිපයක තොරතුරු ලබා දීමට මැදිහත් වී ම යි. මෙය, සුරේශ් සලෙයි සෘජුව මැදිහත් වී සිදු කරන ලද්දක් නොවේ, ඔහු විසින් වෙනත් ඔත්තුකරුවක-ු හරහා කරන ලද්දක් බව පැවසේ.
තුන්වැන්න සයින්දමරුදු පි.පි.රී.මේ.දී සාරා ජැස්මින් මිය ගිය බව තහවුරු කිරීමට කටයුතු කිරීම; මේ සදහා සාරා ජැස්මින්ගේ තුන්වන ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කිරීමට, සුරේශ් සලෙයි, එවකට පොලිස්පතිවරයා වූ සී.ඩී. වික්‍රමරත්නට දැඩිව බලපෑම් කර තිබේ.
ඊට පෙර අවස්ථා දෙකක දී සිදු කරන ලද ඩී.එන්.ඒ පරීක්ෂණ වලින් සාරා ජැස්මින් මිය ගිය බව තහවුරු කර ගැනීමට නොහැකි වී තිබුණි.




Comments