මිගමුවේ උසාවිය ඉදිරිපිටත් විරෝධතා
- Susil Priyantha
- Feb 16
- 1 min read

නීතිඥ යුවලක් වෙඩි තබා ඝාතනය කිරිමට එරෙහිව මිගමුවේ ඉදිරිපිටත් අද විරෝධතාවයක් සංවිධානය කිරිමට නීතිඥ ප්‍රජාව අද පෙරවරුවේ කටයුතු කර තිබුණි.
පසුගියදා අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු හ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මීගමුව නීතිඥවරුන්ගේ සංගමය විසින් අද දිනය මිගමුව අධිකරණය ඉදිරිපිට මෙම නිහඬ විරෝධතාවය සංවිධානය කර තිබුණි.
අද දින මීගමුව අධිකරණයේ පැවති කිසිම නඩු කටයුත්තක් සඳහා නීතිඥවරුන් පෙනී නොසිටි අතර නඩු කටයුතු සඳහා පැමිණි පිරිස දැඩි අසීරු තාවකට පත් වූ බව පැවසීය.




Comments