top of page
Search

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මාරු කලේ මෛත්‍රීපාල සිරිසේනගේ බලපෑමට

  • Susil Priyantha
  • Mar 27
  • 1 min read

ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අත-ුරුදන් කිරීම, කප්පම් ගැනීම සදහා ද්‍රවිඩ තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය වැනි ඉතාම වැදගත් තීරණාත්මක විමර්ශන භාරව සිටි, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තිව රාජකාරී කල, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එම දෙපාර්තමේන්තුවෙන් මාරු කර යැවීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩිව තමන්ට බලපෑම් එල්ල කල බව, එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත ජයසුන්දර මහතා පවසයි.


හිටපු ජනාධිපතිවරයාගේ එම බලපෑම මත, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර මීගමුව පොලිස් කොට්ඨාශයට මාරු කර යැවීමට කටයුත-ු කළ බව පූජිත ජයසුන්දර මහතා වැඩි දුරටත් පවසයි.


පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඉතා දක්ෂ නිළධාරියෙකු වූ බැවින් ඔහුට ස්ථාන මාරුවක් ලබා දීමට තමන් තරයේ විරුද්ධ වූ බව පවසන හිටපු පොලිස්පතිවරයා, යම් අවස්ථාවක, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විදෙස්ගතවීමට සූදානම් වී, තමන් යළි දිවයිනට එන විට, නිශාන්ත සිල්වා ඉවත්කර තිබිය යුතු බවට එවකට ආරක්ෂක ලේකම්වරයා වූ හේමසිරි ප්‍රනාන්දුට නියෝග කර ඇති බවද පවසයි.


 
 
 

Comments


bottom of page