ගල් අඟුරු හිඟය සහ ඒ පිටුපස ඇති වංචා වසා ගැනීමට ආණ්ඩුව ගත් අමනෝඥ තීරණයක්

වික්ටෝරියා ජලාශය හිස් කරයි! පානීය ජලය සහ කෘෂිකර්මාන්තය දැඩි අනතුරක!
ගල් අඟුරු හිඟය සහ ඒ පිටුපස ඇති වංචා වසා ගැනීමට ආණ්ඩුව ගත් අමනෝඥ තීරණයක් හේතුවෙන් රටේ ජනතාවට බරපතල බලශක්ති සහ ජල අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අනාවරණය කරයි.
මොකක්ද මේ සිද්ධිය?
බලශක්ති අර්බුදය විසඳා ගැනීමට රුපියල් මිලියන 7260 ක් ඉතිරි කර ගැනීමේ අරමුණින්, වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙස මුදාහැරීමට ආණ්ඩුව තීරණය කර ඇත. මේ හේතුවෙන් ඝන මීටර මිලියන 405 ක් ලෙස පවත්වා ගත යුතු ජල මට්ටම ඝන මීටර මිලියන 75 දක්වා පහත වැටීමේ අවදානමක් මතුව තිබේ.
දැනටමත් මතුව ඇති බලපෑම්:
බලගොල්ල පොම්පාගාරය අකර්මන්‍ය වීම නිසා බලගොල්ල, කුණ්ඩසාලය සහ දිගන ප්‍රදේශවල පවුල් 17,000 කට පානීය ජලය අහිමි වී ඇත.
දෛනිකව අවශ්‍ය ඝන මීටර 12,000 ක ජල ප්‍රමාණය වෙනුවට ආණ්ඩුව බවුසර් මගින් සපයන්නේ ඝන මීටර 500 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි.
ජල හිඟය නිසා පල්ලෙකැලේ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා කිහිපයක් අප්‍රේල් 10 සිට වසා දමා ඇත.
ඉදිරියේදී එන මහා විනාශය:
ඉදිරියේදී දැඩි වියළි කාලගුණයක් පවතින බවට අනාවැකි පළව තිබියදී මෙලෙස ජලය මුදාහැරීම හේතුවෙන්, මිනිපේ සහ මහවැලි H කලාපයේ ගොවීන්ට වගා කටයුතු සඳහා ජලය නොමැති වීමේ අවදානමක් පවතී. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ සහල් අස්වැන්න අඩු වී, සහල් මිල ඉහළ ගොස් පාරිභෝගිකයා තවත් පීඩාවට පත්වීමයි.
වංචා වසා ගැනීමට ජනතාවගේ පානීය ජලය සහ ගොවියාගේ කෘෂිකර්මාන්තය බිල්ලට දෙන මෙම අත්තනෝමතික තීරණය වහාම අකුලා ගන්න!




Comments