උඩවලව උද්‍යානභාරකරු මර නින්දේ.. දඩයක්කරුවෝ වනබිමේ දඩ කෙලියේ..
- Susil Priyantha
- Feb 10
- 1 min read

ප බොහෝ කලක පටන් දිගින් දිගටම උඩවලව ජාතික වනෝද්‍යානය තුළ සිදුවන දඩයක්කරුවන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳ කරුණු අනාවරණයන් ඔබ වෙත ඉදිරිපත් කරන ලදී.
එහි ආසන්නතම සිදුවීම වශයෙන් ඊයේ දින උදෑසන 09.30ට පමණ උද්‍යානය තුළ සංචාරකයන් සහිත සෆාරි ජීප් රථ 30කට ආසන්න සංඛ්‍යාවක් රැඳී තිබියදී කෝන්කටු ආර වැව් පිටියේදී දඩයක්කරුවන් විසින් මුවෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත. උද්‍යාන භාරකරුගේ නිද්‍රාශීලී ක්‍රියාපිළිවෙත් හමුවේ හොර රහසේ දඩයමේ යෙදුණු දඩයක්කරුවන්, දැන් දැන් එළිපිටම දඩයම් කිරීම ආරම්භ කර ඇති තත්වයක් උද්ගතව තිබේ.
උද්‍යාන භාරකරු සේම සෙසු නිලධාරීන්ද මෙවැනි අපරාධයන් දෙස ඇස් කන් පියා බලා සිටින්නේ දඩයක්කරුවන්ගේ අපරාධ කටයුතු සඳහා ඔවුන්ගේද සහයෝගය ඇති බවට පහළ වන සැකය සනාථ කරමිනි. අප මින් පෙරද අවස්ථා කිහිපයකදී කරුණු ඉදිරිපත් කළ පරිදි උද්‍යානය තුළ අනීතික අන්දමින් දඩයමේ යෙදෙන්නන් හට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් සිදු කරනුයේ බහුකාර්‍ය සේවයේ නියුතු නිලධාරීන් බවට දැන් දැන් තොරතුරු ලැබෙමින් පවතියි.
එසේම තම රාජකාරිය නිසි පරිදි ඉටු කරන අතලොස්සක් වූ වනජීවී නිලධාරීන් උඩවලව ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු විසින් අනුගමනය කරන නිද්‍රාශීලී පිලිවෙත පිලිබඳ දැඩි කල කිරීමට පත් වී ඇත. එලෙසින්ම උද්‍යානය තුළ සිටින වනසතුන් පෙන්වීම සිය ජීවිකාව කරගත සෆාරි ජීප් රථ රියදුරන්ද මෙම අහස පොළොව නුහුනන අපරාධයන් නොදුටුවා සේ සිටීම කණගාටුදායක තත්වයකි. ඔවුන්ගේ ජීප් රථ සංගම් හරහා හෝ මෙම වනජීවි අපරාධයන්ට විරුද්ධව හඬ නැගීමට හැකියාව තිබියදී, ඒ කිසිවක් නොකොට සතුන් පෙන්වා මඩිය තර කර ගැනීම පමණක් කිරීම පිළිකුල් සහගතය.
අනෙක් විශේෂම කරුණ නම් වනජීවී අපරාධ පිලිබඳ හඬ නැගූ පරිසරවේදීන් මේ මහා අපරාධ හමුවේ මර නින්දේ සිටීමයි. විශේෂයෙන්ම උඩවලව ජාතික උද්‍යානය මායිමේ සිටින, උඩවලව පිළිබඳ නිතර හඬ නගන පරිසරවේදියාද මේ මහා අපරාධ හමුවේ නිහඬ වී ඇත.




Comments