top of page
Search

වර්ජනය නිසා දුම්රි තදබදයෙන් මගියෙකු දුම්රියට බිලි වෙයි


බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී අද සවස මගියෙකු දුම්රියෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබේ.

එම මගියා ඇද වැටී තිබුණේ කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියෙනි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු විය.

අවම දුම්රිය ගමන් වාර සංඛ්‍යාවක් ධාවනය වන බැවින් එම දුම්රිය වල උපරිම ධාරිතාව ඉක්මවා මගින් ගමන් කරයි.

ඒ හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතිබව පොලිසිය පවසයි.

 
 
 

Comments


bottom of page