top of page
Search

කොටහේනේ වෙඩික්කරුවන් දෙදෙනා පොලීසියෙන් වෙඩිකා මරුට

  • Susil Priyantha
  • Feb 22, 2025
  • 1 min read

කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ.


ඒ, ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරා වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගිය අවස්ථාවේදීය.


මෙසේ මියගොස් ඇත්තේ එම වෙඩි  තැබීමේ වෙඩික්කරු වශයෙන් කටයුතු කරන ලද වයස අවුරුදු 32 ක් වන පිලියන්දල මඩපාත පදිංචි අරුණ ලක්මාල් ජයවර්ධන නැමැත්තෙක් හා යතුරුපැදිකරු වන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විජය කුමාර් ප්‍රකාශ් යන දෙදෙනාය.

 
 
 

Comments


bottom of page