ලුණු කන්ටේනර් 400 ක් පමණ රැඳී සිටීමට ඉන් ලුණු කන්ටේනර් 06ක් අදිසි හස්තයකින් රේගුවෙන් පිටත
- Susil Priyantha
- Jul 31, 2025
- 1 min read

වරායේ ආනයනික ලුණු කන්ටේනර් 400 ක් පමණ රේගුවේ රැඳී සිටීමට ඉන් ලුණු කන්ටේනර් 06 කි. හස්තයකින් රේගුවෙන් පිටකර ඇති රේගු අභ්යන්තර ආරංචි මාර්ග පවසයි.
2025 ජුනි 10 වනදා නැව්ගත කර තිබූ ලුණු කන්ටේනර් රේගුවෙන් මුදා හැරීමට කටයුතු කරන බව සඳහන් කර තිබුණත් ජූන 12 නැව්ගත කර තිබූ එම කන්ටේනර් 06ක් මෙසේ නිදහස් කර ඇති බව පැවසේ. ඒ අනුව ජුනි 11, 12 යන දිනයන්හිදී නැව්ගත කර තිබූ වෙනත් ව්යාපාරිකයන්ගේ කන්ටේනර් තොගයක් රේගුවේ තබාගෙන කී කන්ටේනර් 06 පමණක් නිදහස් කළේ කෙසේ ද යන්න සොයාබලන ලෙස එම ව්යාපාරිකයෝ ඉල්ලා ලෙස.
දැනට රේගුවේ රඳවා තබාගෙන ලුණු කන්ටේනර් තොගය මුදාහැරීම නිසා දිනෙන් දින ප්රමාද ගාස්තු අයවන බවත් ඒ ආකාරයෙන් මාසයක් ගතවී ඇති බවත් එම ආරංචි මාර්ග කීය. මෙසේ කන්ටේනර් තොගයක් රැුගුවේ තබාගෙන සිටින දින ප්රමාද ගාස්තු අයකර විශාල මුදලක් ගෙවීමට සිදු කරන ලද ව්යාපාරිකයන් විසින් මුදා නොගන්නා තත්ත්වයට පත් කරන ලද එම කන්ටේ රාජසන්තක කිරීමට ඉඩ ඇති ද එම ආරංචි මාර්ග කීය.
එම කන්ටේනර් රාජසන්තක කළහොත් රජය හරහා අලෙවි කරන ලද ඉහත කන්ටේනර් 06 මුදාහරින ලදී ව්යාපාරිකයාම මිලදීගෙන වෙළඳ පොළට අලෙවි කිරීමේ උපක්රම පවතිනවාදැයි සැකයක් මතුවන බව ද එම ආරංචි මාර්ග අවධාරණය කරයි.
කන්ටේනර් 06 මුදාගත් ආයතනය ලුණු අධිකාරියක් ගොඩනගාගෙන ඇති බවත් මේ වනවිට හම්බන්තොට ලුණු ලේවාය මගින් ලුණු අස්වැන්න නෙළමින් පවතින නිසා රේගුවේ පවතින කන්ටේනර් තොගය බොහෝවිට රාජසන්තක වීමේ අවදානමක් පවතින අතර එම ආරංචි මාර්ග වැඩි වේ.




Comments