top of page
Search

මාධ්‍යවේදි චමුදිත සමරවික්‍රම CID කැදවයි

  • Susil Priyantha
  • Jan 24, 2025
  • 1 min read

Updated: Feb 9, 2025



මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හෙට පෙරවරු 9.00ට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට (CID) දෙවන වරටත් කැඳවා තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව කාදිනල්තුමාට පූර්ව දැනුමක් කර තිබූ බවට චෝදනා කරමින් “Truth with Chamuditha” YouTube නාලිකාව ඔස්සේ අසේල නුවන් රාජපක්ෂ නැමැත්තා විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය පැවැත්වේ.



මීට පෙර ද චමුදිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ මීට සති දෙකකට පමණ ඉහතදීය.


මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරීන් වන නාමල් කුමාර සහ මෙම ප්‍රකාශය සිදුකරන අසේල නුවන් රාජපක්ෂ ද අත්අඩංගුවට ගෙන ඇත.


චමුදිත සමරවික්‍රම සිය වෘත්තීය ජීවිතය තුළ එකම සිද්ධියකට අදාළව දෙවතාවක් සී.අයි.ඩී. කැඳවා තිබූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

 
 
 
bottom of page