වත්කම් ඉපයූවේ කොහොමද – ඇමැතිලා 6කට අල්ලස් දැල!
- Susil Priyantha
- Dec 29, 2025
- 1 min read

ත්මන් රජයේ ඇමැතිවරුන් 06 දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අයථා වත්කම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව, කැබිනට් ඇමැතිවරුන් පස්දෙනකුට සහ එක් නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදු කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇත.
කැබිනට් ඇමැතිවරුන් වන, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ට සහ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතාට එරෙහිව මෙම විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
උපුටාගැනීමකි.




Comments