top of page
Search

ව්‍යාපාරිකයන් කබලෙන් ලිපට

  • Susil Priyantha
  • Jun 30
  • 1 min read
ree

පරාටේ නීතිය ජුනි 30 වැනි දා මැදියම් රැයෙන් බලාත්මක වීමෙන් ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිමට අනුමැතිය හිමිවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

තවදුරටත් ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මංමුලා නොකර ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් - විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පරාටේ නීතිය නැවත සක්‍රීය වීම නිසා අසරණ වන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් කොළඹ විපක්ෂනායක කාර්්‍යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

 
 
 

Comments


bottom of page