top of page
Search

රජයට විරුද්ධ මතයක් ඉදිරිපත් කළා කියලාරාජ්‍ය සේවකයෙක්ගේ වැඩ තහනම් කිරීම

  • Susil Priyantha
  • Jan 8
  • 1 min read


රජයට විරුද්ධ මතයක් ඉදිරිපත් කළා කියලා

රාජ්‍ය සේවකයෙක්ගේ වැඩ තහනම් කිරීම යනු

ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයට යන පළමු පියවරක්...


මතයක් කියන එක වෛරය නෙවෙයි...විවේචනය කිරීම ද්‍රෝහීකමකුත් නෙවෙයි...අද “රජයට විරුද්ධව කතා කළා” කියලා

එක් සේවකයෙක් නිශ්ශබ්ද කරනවා නම්, හෙට ඒ සීමාව තවත් පුළුල් වෙයි....


ලෝක ඉතිහාසය පැහැදිලිව කියනවා එකාධිපති පාලනයකට පෙර

මිනිස්සු ම ර න්න කලින් වචන ම ර ණවා...සත්‍ය වළදානවා...පසුව මිනිස්සු නිශ්ශබ්ද කරනවා...දැන් රටේ පවතින තත්වය එයට මූලාරම්භයක්...මේක ගැන කතා කරන එක වෛර කිරීමක් නෙවෙයි.....මේක authoritarian වෙලා යන භයානක දිශාවක් ගැන පෙර දැනුම් දීමක් විතරයි..


අද එක සේවකයෙක් හෙට තවත් කෙනෙක්.

අනිද්දා…රටේ සෑම අංශයකටම මර්ධනය පැතිරුවම කතා කරන්න ඉතිරි වෙන්නේ කවුද?


ඉතිහාසය බලද්දි, ලංකාවේ කලින් ජනාධිපතිවරු

ජනතා මතයට ඉඩ දීලා තියෙනවා...විවේචනය ඇහුනා..

විරෝධය ඉවසුවා..මත වෙනස් වුණා කියලා රැකියාව, ජීවිත්වීමේ අයිතිය අහෝසි කරපු අවස්ථා සාමාන්‍යකරණය කෙරුවෙ නෑ...

ඒ නිසාම තමයි ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා

අපිට ලෝකයට කියන්න පුළුවන් වෙලා තිබුණේ....අද ඒ සීමාව මැකෙන්න පටන් ගන්නවා නම්,ඒක ප්‍රගතියක් නෙවෙයි රට ආපස්සට යාමක්.....ලෝකෙන් කොන් වීමක්...ජාත්‍යන්තර සම්භාදකවලට අතවැනීමක්... වහල් දේශයක ආරම්භයක්...

 
 
 

Comments


bottom of page