මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ඇතුලු එයාර් බස් ගණුදෙණුව ගැන තොරතුරු
- Susil Priyantha
- May 30
- 1 min read

මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ඇතුලු එයාර් බස් ගණුදෙණුව ගැන තොරතුරු අනාවරණය කළ රජීව් ජයවීර ගේ මළ සිරුර 2020 ජනවාරි 12 දින කුරුඳුවත්ත, නිදහස් චතුරස්‍රය අසල තිබි කුරුඳුවත්ත පොලිසිය විසින් සොයාගනු ලැබීය. අවට පිහිටි සීසීටීවී කැමරා වල පවා සටහන් නොවුනු මෙම අභිරහස් ඝාතනයේ සුළමුල සොයා යාමේදී කොලොම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට ඝාත!නය වූ හිටපු ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ විධායක ශ්‍රේණියේ නිළධාරියෙකු වූ රජීව් ජයවීර ලියූ කුප්‍රකට එයාර් බස් ගණුදෙණුවේ සවිස්තරාත්මක ලියවිල්ල හේතුවී ඇති බවට බොහෝ සාක්ෂි ඇත. පහතින් පළකර ඇත්තේ ඔහු විසින් රාජපක්ෂ පවුල විසින් කළ මෙම කූට ජාවාරම පිළිබඳ ලියවිල්ලයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් A 330 – 300 ගුවන් යානා, 06ක්, A 350-900 ගුවන් යානා 04ක්, මිලදී ගැනීමට සහ තවත් A 350-900 ගුවන් යානා 04ක් බදුපදනම මත ලබා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2013 වර්ෂයේ දි තීන්දුකොට තිබුණි. මෙම අධ්‍යක්ෂ මංඩලය ලෙස රාජපක්ෂ හිතවාදී Board of Directors during the re-fleeting exercise were: සිරිලියගේ මල්ලී වන නිශාන්ත වික්‍රමසිංහ සභාපති, කපිල චන්ස්‍රසේන (Director/CEO) නිහාල් ජයමාන්න ශමීන්ද්‍ර රාජපක්ෂ මනිලාල් ප්‍රනාන්දු සනත් උක්වත්ත , සුසන්ත රත්නායක , සහ ලක්ෂ්මී සංගක්කාර පත්කර තිබුණි. මෙම හොර ගණුදෙණුව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේනට ලංඩන් ක්‍රවුන් අධිකරණයෙන් වරදකරු කර ඇත. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 2528.12ක මුදලක් පෙර ගෙවීම් ලෙස අදාල ගුවන් සමාගමට ගෙවනවිට රටේ දැවැන්ත විදේශ විණිමය අර්බූධයක් තිබිණි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් මෙකී ගුවන් යානා 04 බදුපදනම මත ලබාගැනීම සඳහා වු බදු ගිවිසුම අවලංගු කොට තිබුණි. මේ හේතුවෙන් රුපියල් මිලියන දාසයදහස් නමසිය විසිහතරයි දශම තුනයි හයක (16,924,36) මුදලක් වන්දි වශයෙන් අදාළ සමාගම වෙත ගෙවීමට ගුවන් සමාගමට සිදුවී තිබුණි. මේවා කජු ඇට කොස් ඇට නොවේ. මෙවැනි මගඩි නිසා කිහිප දෙනකු තම මඩිය තරකර ගත්තද, අවසානයේ මෙකී වන්දි මුදල ගෙවීමට සිදුවූයේ රටේ මහජනතාවටය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් එස්. ඒ. එස්. එයාර්බස් සමාගම සමග ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගතව තිබූ අතර පෙර ගෙවුම් ලෙස එස්. ඒ. එස්. එයාර්බස් සමාගම වෙත ගුවන්යානා ගනුදෙනුව සඳහා රුපියල් මිලියන 16,924.36ක මුදල ගෙවා තිබුණි. මෙම ගෙවීම ගුවන් සමාගමේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන කපිල චන්ද්‍රසේකර විසින් සිදුකළේ ඔහුගේ බිරිඳට අයත් සමාගම හරහාය. එහිදී සිසුවූ කොමිස් ගණුදෙණුව ඩොලර් මිලියන තුනකි. එය සිංගප්පූරු සමාගමකට ප්‍රංශ එයාර් බස් සමාගම විසින් බැරකර තිබූ බව ලංඩන් ක්‍රවුන් අධිකරණයේදී හෙළිවිය. කපිල චන්ද්‍රසේකරගේ හිතුමනාපෙට මෙම අති විශාල ධනස්කන්ධය ලබා ගැනීමට රාජපක්ෂ නීලකාස හොරුන් ඉඩ දෙයිදැයි සිතා බලන්න.
ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වූ කපිල චන්ද්‍රසේන එරෙහිව සිවිල් ක්‍රියාමාර්ගයක් ගතහැකිද යන්න පිළිබඳව ගුවන් සමාගම විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා සිටියද රාජපක්ෂ පවුලට යටවූ නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේය. රජීව් ජයවීරට මෙම දීර්ඝ හෙළිදරව්ව රටේ ජනතාවට කිරීමට සිදුවූයේ එවන් වාතාවරණයක් මැදය. සත්‍යය හෙළිදරව් කිරීමේ වරදට රජීව්ට ජීවිතෙන් වන්දි ගෙවීමට සිදුවූ අතර ඔහුගේ සිරුර අසල මයික්‍රෝ පිස්තෝලයක් තබා ඝා!තකයින් පැන ගියේය. එවකට පැවති ගෝටාභය පාලනය විසින් මෙම සිදුවීම සම්බන්ධ පරික්ෂණ යට ගසන ලදී.
රජීව් ජයවීර විසින් එයාබස් ගණුදෙණුව පිළිබඳව ලියූ ලිපිය
උපුටා ගැනිමකි
Comments