top of page
Search

මාලිමාවෙන් හදන ඇප නැතිව ණය දෙන බැංකුවට

  • Susil Priyantha
  • Jul 25, 2024
  • 1 min read

ree

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඇප නැතුව මූලික ප්‍රාග්ධනයන් ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක් බිහිකරන්නේ යැයි එහි නායක අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රතිචාර දක්වයි.

මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු කල විමසීමකට ප‍්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පළ කළේය.

සංවර්ධන බැංකුවක් කියන අදහස ගොඩක් කල් ඉඳන් සාකච්ඡා වෙච්ච එකක්. ඇප නැතිව ණය දෙනව කියන එක කවුරු හරි අැප සහතික කරන්න ඕනේ.ඉතින් රජය සූදානම් නම් ඒ ගැරන්ටි එක දෙන්න ඒක දෙන්න පළුවන්.

එතකොට රජය සහතික කරනවා කියන්නේ ණය ලබාගත්තේ නැත්නම් රජය බදු ගෙවන්නාගේ මුදලින් පියවනවා කියන එක.

ඉතින් ඔබතුමාලා බදු ගෙවන්නන් විදිහට කැමතිනං කවුරු හරි ගත්ත ණයක් පියවන්න ඒක ක‍්‍රියාත්මක කරන්න පුළුවං’

 
 
 

Comments


bottom of page