ජාතික ආරක්ෂාව පහලටම හෙලමින් වවුනියාව ගුවන් හමුදා කදවුර ඉවතට
- Susil Priyantha
- Jul 17
- 1 min read

මෙම සංකීර්ණ කාරනාව පිලිබඳව මහරගම නව ජනතා පෙරමුණ පක්ෂ කාර්යාලයේදී 2025 ජුලි මස 16 වන දින පැවැති මාධ්‍ය හමුවේ දී නව ජනතා පෙරමුණේ පක්ෂ නායක සූගිෂ්වර බණ්ඩාර මහතා පැහැදිලි කරුණු දැක්වීමක් සිදුකරනු ලැබුවා.
මේ ජාතික ආරක්ෂාවේ අවසන් අදියරේ ගමන්මග සනිටුහන් කිරීමක් බව ඔබ සිතාගත යුතුයි.
එහිදි පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා අදහස් දක්වමින් වවුනියාව ගුවන් හමුදා කඳවුර ඉවත්කිරිමට වර්තමාන ආණ්ඩුවේ පවතින සැලසුම පිළිබඳව කරුණු දක්වන ලදී.
එහිදි වර්ෂ 1985 ස්ථාපනය කල අවු 40ක් පැරණි උපාය මාර්ගික වශයෙන් මෙන්ම ජාතික ආරක්ෂාව අතින් අතිශයින් වැදගත් අක්කර හෙක්ටයාර 133 යුත් වවුනියාව ගුවන් හමුදා කඳවුර ඉවත් කිරිම සඳහා පුනරුද ආන්ඩුවේ පවතින කුමන්ත්‍රණය පිළිබඳව තොරතුරු ලැබී තිබෙන බව ප්‍රකාශ කරන ලදී.
එදා ත්‍රස්ත්‍රවාදී සමයේ LTTE ත්‍රස්තවාදීන් ගහන කොට අනුරාධපුරයත් පලාලිත් අතර තිබුන වැදගත්ම කඳවුර තමයි වවුනියා ගුවන් හමුදා කඳවුර .උතුරට ආහාර සැපයීම,බෙහෙත් සැපයීම,ආබාධිත රණවිරුවන් කොළඹට ගෙන්වා ගැනීම සිදු කරන ලද්දේ මේ ගුවන් හමුදා කඳවුර හරහාය.
2024 මාර්තු 23 දින එස්. ඥාණසම්පන්නන් නම් පුද්ගලයා ජී. එච්. ඒ දි සිල්වා නම් නීතිඥ සමාගම හරහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබුනා මේ ඉඩමෙන් කොටසක් තමාගේ මව වන මීතාචි ශිවපානසුන්දරම්ට අයිති බවත් එය කඩිනමින් තමාට ලබා දෙන ලෙසත්.
ඒ අනුව හිටපු ජනාධිපතිතුමන්ගේ කාර්ය මණ්ඩලයෙන් මෙම ලිපිය ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කරන ලදී. ඒ අනුව එවකට ආරක්ෂක ලේකම් විසින් මේ පිළිබඳව වාර්තාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් විමසා සිටි අතර ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ආරක්ෂක ලේකම්තුමාට යොමු කර ඇත.
එම වාර්තාව අනුව 1997.12.15 දින එවකට ජනාධිපති ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ උපදෙස් මත වවුනියාව ප්‍රාෙද්ශිය ලේකම්තුමන් විසින් මේ ඉඩමේ මුල් හිමිකරුවන්ගෙන් කොටසකට වන්දි ගෙවා ඇති අතර ඒ යටතේ මේ මිතාචි ශිවපාතසුන්දරම් මහතාටද රු ලක්ෂ 2ක වන්දියක් ලබා දී ඇත.
එහෙත් වත්මන් ආණ්ඩුව හා ජනපති පත් වු විගස එම ආණ්ඩුවට සුබ පතමින් එස්. ඥාණසම්පන්නන් මහතා මේ කාරණය ගැන ගරු ජනාධිපති අනුර දිසානායක මහතාට හා අග්‍රමාත්‍ය හරිනි අමරසුරියට දැනුවත් කර ඇත්තේ 2024 දෙසැම්බර් 12 වන දිනය.
ඉන්පසු මෙම ලිපිය අග්‍රමාත්‍ය ජෙෂ්ඨ අතිරේක ලේකම් සුරනි සිරිමාන්න විසින් මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ජෙෂ්ඨ අතිරේක ලේකම් කමලා දයානන්ද මහත්මියට යොමු කර ඇත.
අතිරේක ලේකම් කමලා දයානන්ද මේ ලිපිය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේම අතිරේක ලේකම් එම්.ඒ එම් අරිෆා මහත්මියට යොමු කර ඇති බවට අපිට තොරතුරු ලැබී ඇත.
හනීෆා මහත්මිය විසින් ආරක්ෂක ලේකම්ට 2025.06.06 ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ මේ ඉඩම නිදහස් කරන මෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට උපදෙස් දෙන ලෙසයි.
අපි අහන්න කැමති එම්.ඒ එම් අරිෆා මහත්මියට මෙවැනි ලිපියක් ලියන්න කවුද අවසර දුන්නේ කියලා?
මෙහෙම උපාය මාර්ගිකව වැදගත් ජාතික ආරක්ෂාවට බලපාන මෙම ගුවන් හමුදා කඳවුර ඉවත් කරන්න කියන්න එම්.ඒ එම් අරිෆා මහත්මියට කිසිම බලයක් නෑ. ඒ නිසා අපිට තොරතුරු ලැබිලා තියෙනවා මෙම ලිපිය ලියන්න එම්.ඒ එම් අරිෆා මහත්මියට උපදෙස් දීලා තියෙන්නේ අමාත්‍ය බිමල් රත්නායක මැතිතුමා බවට.
අපි බිමල් රත්නායකට කියලා දෙන්න කැමතියි මේ ඉඩම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පවරා ගන්නේ 1985 අගෝස්තු 22 දින රාජ්‍ය ආරක්ෂක ලේකම්ගේ අංක 08 දරණ හදිසි අවස්ථා නියෝග විධිවාධාන හා බලතල යටතේ බව.
එම නිසා එවැනි විධිවිදාන හා බලතල යටතේ පවරාගත් ඉඩම් නිදහස් කරන්න කියලා නියෝග දෙන්න ඇමති බිමල්ට හෝ එහි කිසිදු නිළධාරියකුට අවසර තියෙනවද කියලා....එහෙම නැත.
අපි අහනවා බිමල් රත්නායකගෙන් මේ තීරණය ගැන ජනාධීපතිතුමා දැනුම්වත් ද?
මොකද එතුමා සේනාධිනායකයා. සේනාධිනායකයා නොදැන කොහොම ද එහෙම ඉඩම් පවරන්න උපදෙස් දෙන්නේ. මේ ගැන ආරක්ෂක කවුන්සිලය දැනුවත් කර නැත. මේ ගැන ජාතික ආරක්ෂාව ගැන මහාචාර්ය දැනුමක් තියෙන ජාත්‍යන්තරය පවා උපදෙස් ගන්න, ජාතික ආරක්ෂාව වෙනුවෙන් ටියුෂන් දෙන්න පුළුවන් කියන ආචාර්ය අරුණ ජයසේකරවත් දැනුවත් කරලා නැද්ද?
බිමල් රත්නායක මොකක්ද මේ කොලේ වහලා ගහන්න හදන ගේම? ඒ නිසා බිමල් රත්නායකට කියනවා දෙමළ ඩයස්පෝරාව සතුටු කරන්න කලින් තමන්ට තියෙන අමාත්‍යාංශයේ ඇති ආයතනවල ඉතිහාසය අණ පනත් ගැන අධ්‍යනය කරලා වැඩ කරන්න කියලා.
අපිට මතකයි k8 ගුවන් යානය වැටුන වේලාවේ ඒ ගැන අතුරු වාර්තාව එන්න කලින් මාධ්‍යට සාවධ්‍ය තොරතුරු සපයලා ඔහු පච වුන හැටි. මේකත් ඒ වගේ නා ගැනිමක් බව අපට පැහැදිලි.
මෙලෙස චෝදනා එල්ල වෙන්නේ මේ රටේ පාර්ලිමේන්තුවේ උත්තරීතර තනතුර වෙච්ච සභානායකයට. අද වෙනකොට මේ තනතුරු හෑල්ලු වෙලා. අර්ජුනා මන්ත්‍රිතුමාගේ චෝදනාවට අද වෙනතුරු කිසිම පැහැදිලි ප්‍රකාශයක් බිමල් රත්නායක සිදු කර නැත
ආණ්ඩුවේ මර්ධන යාන්ත්‍රණය වෙච්ච අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් හෝ දුෂණ විමර්ශන කාර්යාංශයෙන් මේ බිමල් රත්නායකගේ කන්ටේනර් මගඩිය ගැන කිසිම පරීක්ෂාවක් නැහැ. ජනපති නියමයෙන් පත් කල මුදල් අමාත්‍යාංශ කමිටු වාර්තාව අද වෙනතුරු ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවේ සභාගත කරලා නැ. අපිට බයක් තියෙනවා කන්ටේනර්වලට කලා වගේ කොලේ වහලා මේ අතිශය වැදගත් ආරක්ෂක මර්මස්ථානයන් කඩිමුඩියේ නිදහස් කරයි කියලා.
කොහොමත් ආයුධ තිබෙන කන්ටේනර් පන්නපු මිනිහට කොලේ වහලා ඉඩම බෙදෙන එක සිමිපල් වැඩක් කියලා අපි තවදුරටත් ප්‍රකාශ කරන්න කැමතියි.
මාධ්‍යයෙන් උපුටා ගැනිමකි .
Comments