top of page
Search

මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් අගමැතිනි හරිනි අමරසූරිය මැතිවරණ නිහඬ සමයේදී ජනතාවට ප්‍රචාරක කටයුතු සිදු කරන ලෙස උපදෙස්

  • Susil Priyantha
  • May 14, 2025
  • 1 min read


මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් අගමැතිනි හරිනි අමරසූරිය මැතිවරණ නිහඬ සමයේදී ජනතාවට ප්‍රචාරක කටයුතු සිදු කරන ලෙස උපදෙස් දුන් බවට චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

මෙය මැයි 5 වනදා අගමැතිවරිය පැවති රැස්වීමකදී "ඔබ නිහඬ වෙන්න ඕනේ නැහැ, ශේප් එකේ වැඩේ කරන්න" යැයි පැවසිම සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මැතිවරණ කොමිසම පැවසූ අවස්ථාවකි.

මැතිවරණ නීරීක්ෂණ සංවිධාන සහ අපේක්ෂකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත, මැයි 6 වැනිදා මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කළ බවත්, එය මැතිවරණ නීති කඩකිරීමක් ලෙස සලකා බලන බවත් කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

 
 
 

Comments


bottom of page