බලයට ඇවිත් වසරකට වැඩියි සාරා ජෙස්මින්ව අත්අඩංගුවට ගන්න ඇයි විවෘත වරෙන්තුවක් නොගන්නේ.
- Susil Priyantha
- Jan 7
- 1 min read
පාස්කු ප්‍රහහාරයට සම්බන්ධ වූ සාරා ජෙස්මින් මියගොස් නොමැති බවට සිදුකරන විමර්ශන අනුව අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝව විමර්ශන සිදුකරන අතර සාරා ජෙස්මින් ඉන්දියාවේ සිටින බවට කිසිඳු තොරතුරක් අනාවරණය වී නොමැති බවත් අමාත්‍යවරයා පැවසුවා.
අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජීබර් රහුමාන් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ සාරා ජෙස්මින් මෙරටට ගෙන ඒම වෙනුවෙන් වරෙන්තු නිකුත් කිරීම සිදුකළ යුතු නම් ඉදිරියේදී වරෙන්තු ලබාගන්නා බවයි.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන දිගින් දිගටම සිදු කරන අතර ඇතැම් කරුණු සම්බන්ධයෙන් අනාවරණය කිරීම විමර්ශන වලට බාධාවක් වන බැවින් ඒවා පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් ක්‍රමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූයේද යන්න සම්බන්ධයෙනුත් නව රජය යටතේ විමර්ශන ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.
කෙසේ වුවද පෙර රජයන් විසින් සිදුකරන ලද විමර්ශනවලට අනුව මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් ගැඹූරු විමර්ශනයක් ක්‍රියාත්මක බවත් හෙතෙම පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු වෙනවා.ඒ වගේම සාරා ජෙස්මින් මියගියේ නැති බවට යම් යම් තොරතුරු මේ වනවිට අනාවරණය වෙලා තිබෙනවා විමර්ශන අනුව .
ඒ වගේම සාරා ජෙස්මින් ඉන්දියාවේ සිටින බවට අපට කිසිඳු තොරතුරක් අනාවරණය වී නැහැ.
නමුත් විමර්ශන දිගින් දිගටම විමර්ශන සිදු වෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ පෙර විමර්ශන අනුව අධිකරණ ක්‍රියාමාර්ග මේ වනවිට අරන් තිබෙනවා.
ඒ වගේම මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව ක්‍රමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූයේද යන්න සම්බන්ධයෙනුත් නව රජය යටතේ සොයා බලනවා.
ගැඹුරු විමර්ශනයක් සිදු වෙනවා. ඒ වගේම එම විමර්ශන අඛණ්ඩව සිදු වෙනවා. ඒ වගේම සමහර කාරණා විමර්ශනයට බාධාවක් වන බැවින් පාර්ලිමේන්තුව තුළ හෙළි කිරීමට අපේක්ෂා කරන්නේ නැහැ.
ඒ වගේම විමර්ශන සිදු කරනවා දිගින් දිගටම. අවශ්‍යනම් ඉදිරියේදී වරෙන්තු ලබාගැනීමට කටයුතු කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහුමාන් පැවසුවේ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරන විට සාරා ජෙස්මින්වත් අමතක කරීමට. නොහැකි බවයි.
ඒ වගේම සහරාන්ගේ කණ්ඩායමේ සිටි වැදගත්ම කෙනෙක් තමයි සාරා ජෙස්මින් කියන්නේ.
විශේෂයෙන්ම 2020න් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ සිදුකරන ලද විමර්ශන වලදී එම විමර්ශන කණ්ඩායම තුන්වන විමර්ශනයේදී තහවුරු කරන්නට උත්සාහ කළා. සාරා ජෙස්මින් මිය ගියා කියන එක.
නමුත් අපි සියලු දෙනාම පිළිගන්නවා, සාරා ජෙස්මින් මියගියේ නැහැ කියලා. සාරා ජෙස්මින් පලාගියා. එහෙමත් නැත්තම් සාරා ජෙස්මින්ට පලා යන්නට කව්රුන් හරි කණ්ඩායමක් උදව් කළා කියන එක.
සාරා ජෙස්මින් මියගියේ නැහැ කියලා ඔබතුමාලාගේ ආණ්ඩුවත් පිළිගන්නවා. එයා ජීවතුන් අතර ඉන්නවා. ඔබතුමා නැගෙනහිර ආඥාපති ලෙස සිටියදි තමයි මෙම ප්‍රහාරය සිදුවුණේ සහ සාරා ජෙස්මින් පලාගියේ.
එතකොට සාරා ජෙස්මින්ව ගෙන්න ගන්න මොනවද කරන්නේ. පාතාලයට සම්බන්ධ අය මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඔබතුමාලාගේ ආණ්ඩුව විවෘත වරෙන්තු ගන්නවා. ඔබතුමාලා බලයට ඇවිත් වසරකට වැඩියි. සාරා ජෙස්මින්ව අත්අඩංගුවට ගන්න ඇයි විවෘත වරෙන්තුවක් නොගන්නේ.
ඇය කොහේ හරි ඉන්නවනම් ගෙන්වා ගත යුතුයි. ඔබතුමාලා ඉන්දියාව සමඟ සමිපයි. ඉන්දීය නියෝජිතයින් කිහිප දෙනකු පසුගිය වකවානුවේදී ලංකාවට පැමිණියා. ඉන්දීය ප්‍රධානීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළාද යනුවෙන්ද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විමසා සිටියා.




Comments