දේශපාලන හේතූන් මත මාධ්‍ය ආයතන බලපත්‍ර අහෝසි කරන්න බෑ
- Susil Priyantha
- Jan 5
- 1 min read

මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍රවලට බලපෑම් කිරීමට හෝ අහෝසි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයට කිසිදු නෛතික තත්ත්වයක් නොමැති බව විරුද්ධ පක්‍ෂය අවධාරණය කරනවා.
මහා ජනහඬ නියෝජනය කරන කරන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් අද(05) දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින්.
මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් කියා සිටියේ කොන්දේසි උල්ලංඝණය කරන බව පවසමින් ජනමාධ්‍ය ආයතනවලට බලපෑම් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයට කිසිදු හැකියාවක් නොමැති බවයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජී. එල්. පීරිස් හිටපු අමාත්‍යවරයා
රජයට අහිතකර ප්‍රවෘත්ති වාර්තා කරන නිසා කිසිදු මාධ්‍ය ආයතනයක් නිහඬ කිරීමේ අරමුණින් බලපත්‍ර අහෝසි කරන්න ජනමාධ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් නැහැ.
ජනමාධ්‍ය ආයතනවලට ඒ ආකාරයෙන් දඬුවම් දෙන්නත් බැහැ. ඒ ආකාරයෙන් බලපත්‍ර අහෝසි කිරීමේ බලයක් අමාත්‍යාංශයට නැහැ. ඒක නොවෙයි රටේ නීතිය. ඒ ආකාරයට අත්තනෝමතික බලයක් අමාත්‍යංශයට ලබා දීලා නැහැ.
වැරදි දෙයක් වාර්තාකර තිබෙනවා ඊට අදාළ පදනම ඉදිරිපත් කළ යුතුයි. එහෙම නැතුව බලපත්‍ර අහෝසි කරන්න බැහැ.
දේශපාලන හේතු නිසා රජයට අහිතකර දේවල් වාර්තා කරන නිසා බලපත්‍රයක් අහෝසි කරන්න කිසිදු ආකාරයක හැකියාවක් නැහැ.
ඒක මාධ්‍ය ආයතනයේ අයිතිවාසිකමක් නොවේ. ඒක රටේ පොදු මහ ජනතාවගේ අයිතිවාසිකමක්.
දේශපාලන හේතූන් මත යම් ආයතනයක බලපත්‍රය අහෝසි කළොත් ඒ බලපත්‍රය නැවත ලබා දෙන්න ආණ්ඩුවට සිදුවෙනවා.
එපමණක් නොවෙයි ඒ සඳහා වන්දියකුත් ගෙවන්න සිදුවෙනවා.
ඇත්ත කියන්න බයවෙන්න අවශ්‍ය නැහැ. යනුවෙන්ද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළා.




Comments