top of page
Search

තොරතුරු ඉල්ලීම්වලට අදාළ අවසන් තීන්දු ප්‍රකාශයට පත්කිරීමට නොහැකි තත්ත්වයක්

  • Susil Priyantha
  • Jul 31, 2025
  • 1 min read


ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ (RTI) පනත ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.


ජනමාධ්‍යවේදියෙකු සහ දැයට සවිය ආයතනය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.


එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.


පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ සභාපති ධූරය මාස හයකට ආසන්න කාලයක් පුරප්පාඩුව පවතින බවය.


එම කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඉන් ඉල්ලා අස්වීමෙන් පසුව මෙම පුරප්පාඩුව හටගත් බවත් ඔවුන් පෙන්වා දෙයි.


තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත්වීම් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණද එම පුරප්පාඩුව සඳහා වැඩබලන සභාපතිවරයෙකු හෝ පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බව පෙත්සම්කරුවන් පවසයි.


ඒ අනුව තොරතුරු ඉල්ලීම්වලට අදාළ අවසන් තීන්දු ප්‍රකාශයට පත්කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පෙත්සමෙන් පෙන්වා දෙයි.


මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස සහ පුරප්පාඩුව පවතින අදාළ කොමිසමේ සභාපති ධුරය සඳහා සුදුසු අයෙකු නම් පත්කරන ලෙස ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා


උපුටාගැනීමකි.

 
 
 

Comments


bottom of page