top of page
Search

ටග් යාත්‍රාව’ අනතුර සඟවීමට උත්සහ කර ඇති බවට පැමිණිල්ලක්

  • Susil Priyantha
  • Nov 18, 2025
  • 1 min read

ජපන් ආධාර යටතේ මෙරට ලැබුණු රුපියල් කෝටි 22 කට අධික වටිනාකමින් යුත් ‘ටග් යාත්‍රාව’ ත්‍රිකුණාමලය වරායේ තිබියදී පෞද්ගලික සංචාරයකට යොදාගෙන අනතුරකට ලක්වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනකුගෙන් ප්‍රකාශ සටහන්කරගත් බවත් එම පුද්ගලයන් අතර අනතුර වූ අවස්ථාවේදී ‘ටග් යාත්‍රාව’ පැදවූ නිලධාරියා ද සිටින බවත් එම නිලධාරියා කීය.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් කීපදෙනෙක්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ගැනීමට නියමිත බව කී එම නිලධාරියා එහිදී වර්තමානයේ වරාය අධිකාරියේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් ද කැඳවීමට සිදුවිය හැකි බව ද සඳහන් කළේය.

ත්‍රිකුණාමලය වරාය ආසන්නයේදී 2021 වසරේ අදාල ‘ටග් යාත්‍රාව’ අනතුරට පත්වීමෙන් රුපියල් කෝටි 25 ක පමණ පාඩුවක් මේ වන විට රජයට වී ඇති බවත් වරාය බලධාරීන් එම අනතුර සඟවීමට උත්සහ කර ඇති බවත් පැමිණිල්ලක් ලැබුණු බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය

 
 
 

Comments


bottom of page