කථානායකවරයා ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් පාර්ලිමන්තුවට ඉදිරිපත් කිරිමට විපක්ෂයට අවස්ථාවක් නොදිම නිසා විපක්ෂය පාර්මෙන්තු කටයුතු වලින් ඉවත්වේ.
- Susil Priyantha
- Jun 17
- 1 min read

විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කථානායකවරයා අද (17) පාර්ලිමේන්තුවේදී කටයුතු කළ ආකාරය පිළිබඳව ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගම්වලට පැමිණිලි කරන බව විපක්ෂය පවසනවා.
අද පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගිය විපක්ෂයේ මන්ත්‍රීවරු සාකච්ඡාවක නිරත වීමෙන් පසුව මේ බව සඳහන් කළා.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ ඉරානය සහ ඊශ්‍රායලය අතර මතුව ඇති යුදමය තත්ත්වය තුළ ඊශ්‍රායලයේ වෙසෙන 20,000කට අධික ලාංකිකයින්ට මෙන්ම මෙරට තේ ඉරානයට අපනයනය කිරීමටත් බරපතල තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඒ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිචාරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව විපක්ෂයේ සියලු පක්ෂවල අදහස වූ බවයි.
නමුත් ඒ සඳහා කථානායකවරයා අවස්ථාව නොදුන් බවත්, ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා නොදෙන්නේ නම් පාර්ලිමේන්තුවේ කටයුතුවලට විපක්ෂයේ මැදිහත් වීම පිළිබඳව බරපතල තීන්දුවක් ගැනීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය වූ බව එහි සඳහන්.
ඒ අනුව විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තු කටයුතුවලින් ඉවත් වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී සාකච්ඡා කිරීමට කටයුතු කළ බවත් නිවේදනයේ දැක්වෙනවා.
මේ අතර, විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී. පෙරේරා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බවයි.
Comments