top of page
Search

කතානායකට එරෙහි පැමිණිල්ලත්, නියෝජ්‍ය මහලේකම්ට එරෙහි පැමිණිල්ලත් එකවර විමර්ශනය කිරීමට

  • Susil Priyantha
  • Feb 9
  • 1 min read

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න යන අය විසින් කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල විමර්ශනය කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව වාර්තා වේ.


එමෙන්ම, හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නට එරෙහිව ද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ පිළිබද විමර්ශනයද, කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලට සමගාමීව විමර්ශනය කිරීමට අල්ලස් කොමිසම තීන්දු කර තිබේ.


ධූරයෙන් නෙරපන ලද හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න එම ධූරය සදහා පත්කරන ලද ක්‍රියාපටිපාටිය නිවැරදි නොවන බවට පැමිණිල්ලක් අල්ලස් කොමිසමට ඉදිරිපත්ව තිබේ.


පැමිණිලි දෙක සම්බන්ධයෙන්ම විමර්ශන ආරම්භ කරමින්, අදාල ලිපි ලේඛන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටීමට අල්ලස් කොමිසම තීන්දු කර ඇති අතර, ඉන් පසුව කතානායක ජගත් වික්‍රමරත්න මහතා සහ ධූරයෙන් නෙරපූ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසම හමුවට කැදවීමට නියමිත බව වාර්තා වේ.

 
 
 

Comments


bottom of page