කුරුණෑගල ආරෝග්‍ය ශාලා සමුපකාරයේ පූර්ණ බලය ඒකාබද්ධ විපක්ෂයට : මාලිමාවට එක ධුරයක්වත් නෑ
- Susil Priyantha
- Feb 9
- 1 min read

කුරුණෑගල ආරෝග්‍ය ශාලා සමුපකාර සමිතියේ සභාපති ඇතුළු සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් තේරීපත්ව තිබෙනවා.
ජාතික ජන බලවේගයද එම ඡන්ද විමසීමට ඉදිරිපත් වූ නමුත්, ඔවුන්ට කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයක් හිමි වී නැහැ.
කුරුණෑගල ආරෝග්‍ය ශාලා සමුපකාර සමිතියේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාපත්කර ගැනීමේ ජන්ද විමසීම ආරෝග්‍යශාලා සමූපකාර ගොඩනැගිල්ලේදී පැවැත්වුණා.
ඒ සඳහා ජාතික ජන බලවේගයෙන් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නියෝජනය කරමින් කණ්ඩායමක් තරග වැදී තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට 8 දෙනෙකු ගෙන් සමන්විත සමස්ථ අධයක්ෂ මණ්ඩල සාමාජිකත්වය හිමිවූ අතර, ජාතික ජන බලවේගයට කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයක් හිමි නොවීමත් විශේෂත්වයක්.
ඒ අනුව කුරුණෑගල ආරෝග්‍ය ශාලා සමූපකාරයේ සභාපති ලෙස තේරීපත්ව ඇත්තේ හිටපු සභාපති වශයෙන් කටයුතු කළ ජයපත්ම වන්නිනායකයි.
මේ හේතුවෙන් ඉදිරි වසර 3 සඳහා මෙම ආරෝග්‍ය ශාලා සමුපකාරයේ බලය අදාළ විපක්ෂ කණ්ඩායමට හිමිවනවා.




Comments