කාථානායකවරයාට විරුද්ධව විස්වාසබංගයක්
- Susil Priyantha
- Dec 12, 2024
- 1 min read
Updated: Feb 4, 2025

කථානායක අශෝක සපුමල් රන්වලගේ අධ්‍යයන සුදුසුකම්වල සත්‍යතාව පැහැදිලි කිරීමට අපොහොසත් වුවහොත් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සලකා බලමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා.
එතුමා බලයට පත්වීමට සහ කථානායක ධුරය ලබා ගැනීම සඳහා මෙම ආචාර්ය ධුරය භාවිත කර ඇති බවත් ඔහු තවමත් මේ සඳහා නිසි පිළිතුරක් ලබා නොදීම ගැටලු සහගත බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
විශේෂයෙන්ම ඊයේ රජය වෙනුවෙන් කතා කළ මාධ්‍ය ප්‍රකාශකයින් එම ප්‍රශ්න සඳහා පිළිතුරු දීම මගහැරීමත්, පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියෙන් මෙම ආචාර්ය උපාධිය පිළිබඳ කාරණය ඉවත්වීමත් සමඟ එතැන විශාල ගැටළුවක් උද්ගතව ඇති බවයි අජිත් පී පෙරේරා පවසන්නේ.
එමෙන්ම මන්ත්‍රීවරයා සඳහන් කළේ ඉදිරි දින දෙක තුළ කථානායක අශෝක සපුමල් රන්වලගේ සිය ආචාර්ය උපාධිය රටට පෙන්විය යුතු අතර ඊට අපොහොසත් වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ සහ NPP පක්ෂය යම් විනය තීරණයක් ගත යුතු බවයි.
එසේ නොමැති වුවහොත් විපක්ෂයට පියවරක් ඉදිරියට තැබීමට සිදුවන බවත් අනෙකුත් පක්ෂත් සමඟ සාකච්ඡා කර ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රී අජිත් පී පෙරේරා වැඩිදුරටත් පැවසුවා.
මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ගෞරවය පිළිබඳව විශාල ගැටලුවක් බවත් කතානායකවරයාට ඊට ප්‍රතිචාර දැක්වීමට සාදාරණ අවස්ථාවක් දියයුතු බවත් එතුමාට සාදාරණ පැහැදිලි කිරීමක් සිදු කළ නොහැකි නම් හා එතුමා ධුරයෙන් ඉල්ලා නොවුණහොත් එතුමාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට සිදු වන බවයි ඔහු සඳහන් කර සිටියේ.




Comments