කොත්මලේ ජලාශයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ඉවත්කර ජවිපෙ හිතවාදී ආධුනිකයන් දාලා
- Susil Priyantha
- Dec 20, 2025
- 1 min read

මෙරටට බලපෑ දරුණු සුළි කුණාටු තත්ත්වය කළමනාකරණය කිරීමේදී රජය බරපතළ අතපසුවීම් සිදු කළ බවට චෝදනා කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස කොත්මලේ ජලාශය ආශ්‍රිතව සිදුවූ බව කියන නිලධාරී මාරුවීම් සහ ජල කළමනාකරණය පිළිබඳව බරපතළ ප්‍රකාශයක් සිදු කළේය.
මාධ්‍යට අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ, කොත්මලේ ජලාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් තිදෙනෙකු ඉවත් කර, ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ආධුනික ඉංජිනේරුවරුන් ඊට පත් කර තිබූ බවට තොරතුරු ලැබී ඇති බවයි.
නිමල් පියතිස්ස මහතා චෝදනා කරන්නේ, දරුණු සුළි කුණාටුවක් පිළිබඳව පූර්ව කාලගුණ අනතුරු ඇඟවීම් තිබියදී පවා, ජලාශයේ ජලය ඉහළම මට්ටමට එන තෙක් අදාළ නිලධාරීන් බලා සිට ඇති බවයි.
ක්‍රමානුකූලව ජලාශයේ ජලය අඩු කිරීමේ පූර්ව සූදානම් කිරීමේ ක්‍රියාවලියකට ඔවුන් යොමු නොවූ බවත් මෙම අකාර්යක්ෂමතාව හේතුවෙන් ධාරාණිපාත වර්ෂාපතනයත් සමඟ ජලාශ පිටාර ගැලීම, නාය යෑම් සහ කඳුකර ප්‍රදේශවල බරපතළ ඛේදවාචකයක් සිදුවීමට හේතු වූ බවටත් ඔහු අවධාරණය කළේය.
කාලගුණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතන මිලිමීටර් 400ක හෝ 500ක වැනි වැසි ධාරිතාවක් සහිත දරුණු සුළි කුණාටුවක් එන බවට අනතුර අඟවා තිබියදීත්, වත්මන් ආණ්ඩුව ඒ බව නොතකා හැර මෙම ආපදාව සිදුවීමට ඉඩදුන් බවටද නිමල් පියතිස්ස මහතා චෝදනා කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනත යටතේ මෙවැනි තත්ත්වයක් වාර්තා වූ විට ආපදා තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති නමුත්, අතීත රජයන් මෙන් ආපදා කළමනාකරණ කමිටුව කැඳවා ක්‍රමානුකූල සැලැස්මක් සකස් කිරීමට වත්මන් පාලනය අපොහොසත් වූ බවයි.




Comments