top of page
Search

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා

  • Susil Priyantha
  • Jan 6
  • 1 min read

මාසික මිල සූත්‍රයට අදාලව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ජනවාරි මාසයට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා.


ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය කර නොමැති අතර, ඒ අනුව පැවති මිල ලෙසින් ලීටරයක මිල රුපියල් 294ක් ලෙස පවතිනු ඇති.


ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 340ක්.


සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 02කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 279ක්.


එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 323ක්.


භූමිතෙල් ලීටරයක මිල රුපියල් 02කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 182ක් ලෙස සටහන්ව තිබුණා.


එමෙන්ම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සංශෝධිත ඉන්ධන මිල ගණන්වලට සමගාමීව ලංකා අයි.ඕ.සී. මිල ගණන්ද සංශෝධනය කර තිබෙනවා.


 
 
 

Comments


bottom of page