top of page
Search

ඇතුලුවිම තහනම් නියෝගයක්

  • Susil Priyantha
  • Jan 8
  • 1 min read

ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය මහ බැංකුව ආදී ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට නියෝගයක් නිකුත් කළාය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් ජනාධිපති මන්දිරය පිහිටි අධි ආරක්ෂිත කලාපයට ඇතුළු වී උද්ඝෝෂණය කිරිමට සුදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කියමින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, මැදිරිගිරියේ ධම්ම හිමි, උදාර රණසිංහ, චමෝද් රණසිංහ ඇතුළු පිරිතක් ප්‍රමුඛ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින්ට එරෙහිව අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇත.

 
 
 

Comments


bottom of page