top of page
Search

අන්ත්‍රාරය බහලුම් 323 පරික්ෂා නොකර නිදහස් කිරිම රටට හානිදායකයි

  • Susil Priyantha
  • Feb 1, 2025
  • 1 min read

Updated: Jun 9, 2025



මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

මෙම ක්‍රියාවලියෙන් රටට විශාල හානියක් වු බවත් බදු ආදායම අහිමි වීම මෙන්ම කිසිදු පරික්ෂාවට ලක් නොවු අවදානම් සහිත භාණ්ඩ පාරිභෝගිකයට නිදහස් වී ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය.

ආයුධ, රත්‍රං, මත්ද්‍රව්‍ය හා බාල බෙහෙත් බහලුම්වල නොමැති බවට රජය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක කාර්යාලයේදී වරායේ සමගි වෘත්තීය සමිති සාමාජිකයන් සමග පැවැති හමුවකදී ඔහු මේ බව කීවේය.

මෙම බහලුම්වල වගකීම ගෙන නිදහස් කළ බව රජය පැවසුවත් ඒවායේ නීත්‍යානුකුල දේවල් නොමැති යැයි පැවසිමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. 

 
 
 

Comments


bottom of page