top of page
Search

IMF වැඩ අල්ලයි

  • Susil Priyantha
  • Nov 18, 2024
  • 1 min read



දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා අද (18) ආරම්භ වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාව පිළිබඳ තෙවන සමාලෝචන කටයුතු වෙනුවෙන් එම සාකච්ඡා පැවැත්වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් දිවයිනේ රැදී සිටින කාලය තුළ ජනාධිපතිවරයා ,මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් හමුවීමට නියමිතයි.

ලබන සිකුරාදා (22) වනවිට තෙවන සමාලෝචනයේ මූලික කටයුතු අවසන් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් කටයුතු කරනු ඇතිබව මුදල් අමාත්‍යාංශය පවසයි.

 
 
 

Comments


bottom of page