top of page
Search

ජනවරමට එරෙහිව කටයුතු කරනවා නම්

  • Susil Priyantha
  • May 14, 2025
  • 1 min read

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.

ජාතික ජන බලවේගය සභා එකසිය පනස් දෙකක් ආරම්භයේදීම පිහිටුවන අතර ඉතුරු සභා එකසිය පහළොව පිහිටුවන දවසේ දී පිහිටුවන බව ජනාධිපතිවරයා කීය.

ජනවරමට අනුව වැඩ කරන්න  බැඳී සිටින බව කී ජනාධිපතිවරයා කවුරුන් හෝ ජනවරමට එරෙහිව කටයුතු කරනවා නම් ව්‍යවස්ථාව ,නීතිය, දේශපාලනය යන ඔක්කොගෙන්ම වැඩ කරන්න ලෑස්ති බවද කීය.

"සභා හදලා පුළුවන් නම් මාස තුන හතරක් යන්න අපි කියන්නේ එච්චරයි.දන්නවනේ, නීති මදි නම් තුනෙන් දෙකක් තියෙනවා හොඳේ, යනුවෙන්ද ජනතා විමුක්ති පෙරමුණේ  60 වැනි සංවත්සර උත්සවය අමතමින් ජනාධිපතිවරයා කීය.

 
 
 

Comments


bottom of page